පකිස්ථානයේ හින්දුකුෂ් කඳුවැටියේ හිම කඳු කඩාවැටීමක් හේතුවෙන් සිරවී සිටි කඳු නගින්නන් හයදෙනා බේරාගෙන ඇතැයි වාර්තා වේ.

මෙම අනතුරින් ඔවුන් සමඟ ගමන් කළ  පකිස්ථාන ජාතිකයෙකු මියගොස් ඇත.

මෙලෙස බේරාගෙන ඇත්තේ ඉතාලි ජාතිකයින් හතරදෙනකු සහ පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකි. මොවුන් ගීසා දිස්ත්‍රික්කයේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයෙන් මීට සතියකට පමණ පෙර කඳු තරණය සඳහා පිටත්ව ඇති බව බලධාරීහු පවසති. 
 
හින්දු කුෂ් වැටියේ පිහිටි අඩි පන්දහසක් පමණ උස මුදුනක් තරණය කිරීම  මොවුන්ගේ අරමුණ වී ඇත. බේරාගත් හයදෙනා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ට ජීවිත අවදානමක් නැතැයි පැවසේ. බලධාරීන් පවසන්නේ මියගිය පුද්ගලයාගේ සිරුර පසුව රැගෙන එන බවයි.
 
 (බීබීසී ඇසුරිණි - 085)