ලෝ ප්‍රකට සමාජ මාධ්‍ය සමාගමක් වන ෆේස්බුක් සමාගම සිය ඩිජිටල් මුදල් ඒකකය අද (18) හඳුන්වා දෙන ලදි.
මෙම නව ඩිජිටල් මුදල් ඒකකය “ලිබ්රා” යනුවෙන් නම් කර තිබේ. “ලිබ්රා” මුදල් ඒකකය “ක්‍රිප්ටෝකරන්සි” ක්‍රමවේදයට අයත් වෙන්නකි. “ක්‍රිප්ටෝකරන්සි” යනු ඩිජිටල් මුදල් ක්‍රමවේදයක් වන අතර වන එම මුදල් ඒකක අන්තර්ජාලය තුළ කෙරෙන ගනුදෙනු සඳහා භාවිත කෙරේ.
ෆේස්බුක් සමාගම හඳුන්වා දුන් ඔවුන්ගේ මෙම අන්තර්ජාල මුදල් ඒකකය “නව ගෝලීය මුදල් ඒකකය” යනුවෙන් හඳුන්වා දී තිබේ.
“ලිබ්රා” ඩිජිටල් මුදල් ඒකකය ලබන වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතය. ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් උපකරණ මගින් ගෙවීම් කිරීම පහසු කිරීම ලිබ්රා ඩිජිටල් මුදල් ඒකකය හඳුන්වා දීමේ අරමුණ වී තිබේ.
ලාභ නොලබන ආයතන, මූල්‍ය සේවා අංශයේ සිටින ව්‍යාපාර සහ අන්තර්ජාල වාණිජ්‍යය අංශයට සම්බන්ධ පාර්ශවකරුවන් 25 දෙනකුගේ සහාය ලිබ්රා මුදල් ඒකකයට හිමිව තිබේ.
මෙම නව මුදල් ඒකකයට මූර්ත වත්කම්වලින් සහාය හිමි වන අතර නියාමනයට ලක් කිරීමට ද නියමිතය. ‘කැලිබ්‍රා’ යනුවෙන් හැඳින්වෙන් ෆේස්බුක් සමාගමේ ඩිජිටල් පසුම්බිය හරහා මෙම මුදල් ඒකකය ලබාගත හැකි අතර ඒ ඔස්සේ අනෙකුත් සේවා ලබාගත හැකි බව ද එම සමාගම නිවේදනය කළේය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි 055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඩිජිටල් මුදල් ඒකකය ‘ලිබ්රා’ එයි