ඕමාන ගල්ෆ් කලාපයේදී ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ද ඉරානයට චෝදනා එල්ල කර ඇත.
මෙවැනි ප්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව තීරණාත්මක ලෙස නැගී සිටිය යුතු බවත් කලාපයේ යුද්ධයක් ඇති නොවිය යුතු බවත් සෞදි අරාබිය වැඩිදුරටත් පැවසීය.
මීට පෙර ඇමරිකාව ද ඉරානයට මේ සම්බන්ධව චෝදනා එල්ල කළ අතර ඉරාන රජය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
නෝවීජියානු හා ජපාන නැව් දෙකකට පසුගිය බ්‍රහස්පතින්දා මෙලෙස ප්‍රහාර එල්ල වූ අතර එම සිද්ධියත් සමග කලාපයේ යුදමය වාතාවරණයක් ඇතිවිය හැකි බවට සැක පළ විය.
මෙම සිද්ධිය ඇති වූයේ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා ඉරානයේ සංචාරයක යෙදෙන අතරතුරදී ය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd