හොන්ඩ්‍යුරාස් දූපතට ආසන්න අත්ලාන්තික් මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් 26 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම ධීවර යාත්‍රාව පොකිරිස්සන් මැරීම සඳහා දියඹට ගොස් තිබියදී අනතුරට ලක්වී ඇත.

ධීවර යාත්‍රාවේ සිටි 47දෙනකු බේරාගත් බව වෙරළ ආරක්ෂක අංශ සඳහන් කරයි. යාත්‍රාව අනෙක් පස පෙරලී ඇති අතර වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.

ජූලි මාසයෙන් ආරම්භ වන පෙබරවාරි මාසයෙන් අවසන් වන පොකිරිස්සන් ඇල්ලීමේ වාරයට බොහෝදෙනා බෝට්ටු වලින් හොන්ඩ්‍යුරාස් දූපත ආසන්න මුහුදට පැමිණෙති.

දිනකට පෙර මෙලෙසම තවත් බෝට්ටුවක් අනතුරට ලක්ව ඇති අතර එහි සිටි 49 දෙනා බේරාගෙන ඇත.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)