හොන්ඩ්‍යුරාස් දූපතට ආසන්න අත්ලාන්තික් මුහුදේදී ධීවර යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් 26 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම ධීවර යාත්‍රාව පොකිරිස්සන් මැරීම සඳහා දියඹට ගොස් තිබියදී අනතුරට ලක්වී ඇත.
ධීවර යාත්‍රාවේ සිටි 47දෙනකු බේරාගත් බව වෙරළ ආරක්ෂක අංශ සඳහන් කරයි. යාත්‍රාව අනෙක් පස පෙරලී ඇති අතර වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බව බලධාරීහු පවසති.
ජූලි මාසයෙන් ආරම්භ වන පෙබරවාරි මාසයෙන් අවසන් වන පොකිරිස්සන් ඇල්ලීමේ වාරයට බොහෝදෙනා බෝට්ටු වලින් හොන්ඩ්‍යුරාස් දූපත ආසන්න මුහුදට පැමිණෙති.
දිනකට පෙර මෙලෙසම තවත් බෝට්ටුවක් අනතුරට ලක්ව ඇති අතර එහි සිටි 49 දෙනා බේරාගෙන ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අත්ලාන්තික් මුහුදේදී ධීවර යාත්‍රාවක් පෙරළී 26 ක් මරුට