IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වෙනිසියුලානු දරුවන් 24,000 කට කොලොම්බියාවේ පුරවැසිභාවය

වෙනිසියුලානු මාපියන් දාව උපත ලද දරුවන් 24,000කට කොලොම්බියාවේ පුරවැසියභාවය ලබාදෙන්නැයි කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩියුකේ නියෝග කර ඇත.


ඔහු ඒ සඳහා ලියකියවිලිවලට ද අත්සන් තබා ඇත. මෙම දරුවන්ට රාජ්‍යයක් නොමැති වීමේ අවදානමක් හටගත් අතර එහෙයින් වෙනිසියුලානු මාපියන් දාව උපන් මෙම දරුවන්ට කොලොම්බියාවේ පුරවැසිභාවය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කළේය. 


නෛතික හිඩැසක් හේතුවෙන් එම දරුවන්ට වෙනිසියුලාවේ පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වූ අතර නොවැළැක්විය කරුණු රැසක් හේතුවෙන් අර්බුද රැසක් මතුවිය. කොලොම්බියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උපන් ස්ථානය සළකා බලමින් පුරවැසිභාවය ලබා නොදෙයි. එහෙත් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සළකා බලමින් වෙනිසියුලානු මාපියන් දාව කොලොම්බියාවේ දී උපත ලද මෙම දරුවන්ට පුරවැසිභාවය ලබාදීමට කොලොම්බියානු ජනාධිපති ඉවාන් ඩියුකේ තීරණය කළේය. 


“ආර්ථික සීමාකම් හමුවේ වුවද සහෝදරත්වයත් සහයෝගීත්වයත් දන්නා බව කොලොම්බියාව ලෝකයට පෙන්නුවා. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8,000ටත් අඩුයි. යුරෝපයේ රටවල් සංක්‍රමණික අර්බුදයකට මුහුණ දුන්නා. ඔවුන් අසාර්ථක වුණා. ඒ සියල්ල මධ්‍යයේ සියලු ප්‍රශ්න හා අභියෝග මධ්‍යයේ අපි ලෝකයට සහෝදරත්වය පෙන්නුවා. සහයෝගීත්වය පෙන්නුවා” යැයි ඩියුකේ පැවැසීය.

 
කොලොම්බියාව තුළ වෙනිසියුලාවට අදාළව කොන්සියුලර් සේවා සහ ලිපි ලේඛන කටයුතු කිරීම නවතා දැමීමට වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පියවර ගත්තේය. කොලොම්බියාවේදී වෙනිසියුලානු මාපියන් දාව උපත ලද දරුවන්ට වෙනිසියුලානු පුරවැසිභාවය ලබා දීමට නොහැකි වී ඇත්තේ එහෙයිනි. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (0)

වෙනිසියුලානු දරුවන් 24,000 කට කොලොම්බියාවේ පුරවැසිභාවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site