IMG-LOGO

කාෂ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි

ඉන්දියානු පාලන කාෂ්මීර ප්‍රදේශයේ ස්වයං පාලන බලතල ඉවත් කිරීම සඳහා ඉන්දියානු රජය පසුගියදා ගත් තීන්දුවත් සමඟ කාෂ්මීර වැසියන්ගේ මානව හිමිකම් වලට බරපතල බලපෑම් එල්ල විය හැකිබව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

පසුගිය ඉරිදා සිට ඉන්දියාව විසින් පාලනය කරන කාෂ්මීර ප්‍රදේශයේ සන්නිවේදන සම්බන්ධතා අවහිර කර ඇති අතර දේශපාලන රැස්වීම් තහනම් කිරීම, දේශපාලන නායකයින් රඳවා තබා ගැනීම හා ප්‍රදේශයේ විශාල වශයෙන් හමුදා බලඇණි යෙදවීම වැනි පියවර රාශියක් ගනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ කාෂ්මීර ප්‍රදේශය තුල ඉන්දීය රජයේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධව දැඩි අවධානය යොමු කර ඇති බවයි.

මෙලෙස සීමා පැනවීම් සම්බන්ධව කාෂ්මීර වැසියන් විරෝධතා ආරම්භ කර ඇති අතර ඉන්දියානු හමුදා භටයන් වෙත ගල් මුල්  ප්‍රහාර ද එල්ල කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

ජම්මු කාෂ්මීර ප්‍රාන්තයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන අතර ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එම ප්‍රදේශයට ලබාදී තිබූ විශේෂ ස්වයං පාලන බලතල අවලංගු කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවිය.

(බීබිසි ඇසුරිණි - 085)



අදහස් (0)

කාෂ්මීරයට පනවා ඇති සීමා ගැන එ.ජා. සංවිධානය අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 851 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 526 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site