IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘

රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේය.

තෙරේසා මේ මහත්මිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැදැක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් බාර දීමෙන් අනතුරුව කන්සවටිව් පක්ෂයේ නව නායක බොරිස් ජොන්සන් රැජින මුණ ගැසී නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

එලෙස අග්‍රාමාත්‍ය ධුරයේ නිල වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසුව බොරිස් ජොන්සන් ඩවුනින් මහතා වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය ඇමතීය. 

විරෝධතාවක් එල්ල නොවුණහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව ද හෙතෙම එහිදි කීය. 

බොරිස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයේ බොහෝදෙනෙක් සිය තනතුරුවලින් ඉවත්වූහ. ඇතැම් අය තනතුරුවලින් ඉවත් කරන ලද බව ද වාර්තා විය.

පක්ෂ නායක සටනේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ විදේශ අමාත්‍ය ජෙරම් හන්ට්  ද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. තමන්ට වෙනත් තනතුරක් බාරගන්නැයි ඉල්ලීමක් ලැබුණු බව ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බව ඉල්ලා අස්වෙමින් හිටපු විදේශ අමාත්‍ය ජෙරම් හන්ට් මහතා පැවැසීය. 

බී.බී.සී. ඇසුරිනි 

055

 



අදහස් (1)

‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘

Yasantha Thursday, 25 July 2019 01:47 AM

කොච්චර හොඳද? පැරදුණු අය ගෙදර. ප්‍රතිවාදියෝද ගෙදර ගියහ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site