රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේය.
තෙරේසා මේ මහත්මිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැදැක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් බාර දීමෙන් අනතුරුව කන්සවටිව් පක්ෂයේ නව නායක බොරිස් ජොන්සන් රැජින මුණ ගැසී නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.
එලෙස අග්‍රාමාත්‍ය ධුරයේ නිල වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසුව බොරිස් ජොන්සන් ඩවුනින් මහතා වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය ඇමතීය.
විරෝධතාවක් එල්ල නොවුණහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව ද හෙතෙම එහිදි කීය.
බොරිස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයේ බොහෝදෙනෙක් සිය තනතුරුවලින් ඉවත්වූහ. ඇතැම් අය තනතුරුවලින් ඉවත් කරන ලද බව ද වාර්තා විය.
පක්ෂ නායක සටනේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ විදේශ අමාත්‍ය ජෙරම් හන්ට් ද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. තමන්ට වෙනත් තනතුරක් බාරගන්නැයි ඉල්ලීමක් ලැබුණු බව ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බව ඉල්ලා අස්වෙමින් හිටපු විදේශ අමාත්‍ය ජෙරම් හන්ට් මහතා පැවැසීය.
බී.බී.සී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳද? පැරදුණු අය ගෙදර. ප්‍රතිවාදියෝද ගෙදර ගියහ.