ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.
පතල් හා ඛණිජතෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගමන් කළ බස් රථයක එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර නිලධාරීන් පස්දෙනකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කිහිපදෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇතැයි බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
කැරළිකරුවන් හා ඇෆ්ගන් බලධාරීන් අතර අටවන වටයේ සාකච්ඡා මෙම මස අවසානයේ ආරම්භ වීමට නියමිත අතර සාකච්ඡාවලදී වැඩි බලපෑමක් සිදුකිරීමේ අරමුණින් කැරළිකරුවන් මෙවැනි ප්‍රහාර එල්ල කරන බව ආරක්ෂක අංශ පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 ක් මරුට