ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ ප්‍රහාර තුනකින් 12 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.
පතල් හා ඛණිජතෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගමන් කළ බස් රථයක එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර නිලධාරීන් පස්දෙනකු මියගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කිහිපදෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇතැයි බලධාරීහු පවසති.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
කැරළිකරුවන් හා ඇෆ්ගන් බලධාරීන් අතර අටවන වටයේ සාකච්ඡා මෙම මස අවසානයේ ආරම්භ වීමට නියමිත අතර සාකච්ඡාවලදී වැඩි බලපෑමක් සිදුකිරීමේ අරමුණින් කැරළිකරුවන් මෙවැනි ප්‍රහාර එල්ල කරන බව ආරක්ෂක අංශ පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd