චීනයේ දකුණු දිග ගුයිෂු පළාතේ සිදුවූ නායයෑමක් හේතුවෙන් 30දෙනකු මියගොස් 15දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් නායයෑම් හටගත් බව කාලගුණ අංශ සඳහන් කරයි.

නිවාස 20ක් පමණ නායගොස් ඇතැයිද මුදවාගැනීමේ කණ්ඩායම් 40දෙනකු පමණ බේරාගෙන ඇතැයි ද බලධාරීහු පවසති. 

මුදවාගැනීමේ කටයුතු හා සහන සේවා සඳහා අවශ්‍ය තරම් සේවකයින් සහ පහසුකම් යොදවා ඇතැයි චීන බලධාරීහු වැඩිදුරටත් පවසති.

වර්ෂාව අධිකව ලැබෙන විට චීනයේ ග්‍රාමීය කඳුකර පෙදෙස්වල මෙවැනි නායයෑම් බහුලව සිදුවන බව  වාර්තා වේ.
 
(බීබීසී ඇසුරිණි - 085)