ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පැසෝ නගරයේදී පුද්ගලයකු කළ වෙඩිතැබීමක් හේතුවෙන් 20දෙනකු මියගොස් 26දෙනකු තුවාල ලබා ඇත.
සැකකරු පැට්‍රික් කෘෂියස් නම් 21හැවිරිදි අයෙකු බවත් ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඇමරිකා මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම කර ඇත.
මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිකර නැති නමුත් මෙක්සිකෝ ජනපතිවරයා පවසා ඇත්තේ මියගිය අය අතර මෙක්සිකෝ ජාතිකයින් තිදෙනකු සිටින බවයි.
මෙය මෑත ඉතිහාසයේ ඇමරිකාවේ සිදුකළ මාරාන්තිකම ප්‍රහාරයක් ලෙස සඳහන් වේ.
මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ එය බියසුළුකම පෙන්නුම් කරන ක්‍රියාවක් බවයි. අහිංසක ජනතාව ඝාතනය කිරීම කිසිම නිදහසට කරුණකින් නිවැරදි කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
(බීබීසි ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වෙඩිතැබීමකින් 20ක් මරුට - 26කට තුවාල
anura Sunday, 04 August 2019 01:50 PM
අපේ රටේ ඔහොම දෙයක් වුණා නම් මුළු ලෝකයේම සංචාරකයින්ට කියයි ලංකාව අවදානම් රටක් කියලා. නමුත් දැන් ලෝකයේ දියුණුම රටේ පාරක ගමන් කරත් කොයි වෙලාවේ පපුව පසාරු කරගෙන වෙඩි උණ්ඩයක් යයිද කියන්න බැරි තත්වයක් තියෙන්නේ.