IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පෙන්ටගනයට වෙන් කළ මුදල් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පයට

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනයට වෙන් කර ඇති මුදල්වලින් ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතර තාප්පය ඉදි කිරීමට හැකියාව ඇතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

පෙන්ටගනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමාවේ තාප්පය ඉදි කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තීරණය කළහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය විනිසුරුවරුන් නවදෙනකුගෙන් සමන්විත වන අතර මෙම තීරණයට පක්ෂව විනිසුරුවරු පස්දෙනෙක් තීන්දු දුන්හ.

දේශසීමා තාප්පය ඉදිකිරීම වළක්වමින් කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆෙඩරල් විනිසුරුවරයකු තීන්දුවක් දුන් අතර එම නිසා තාප්පය ඉදි කිරීමේ ක්‍රියාවලිය අතරමැද නැවැතුණි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව වෙන් කරමින් දේශසීමාවේ තාප්පයක් ඉදි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිගින් දිගටම අවධාරණය කළ අතර එය 2016 ජනාධිපතිවරණය සමයේදී ඔහු දුන් ප්‍රධාන පොරොන්දුවක් විය.

තාප්පයක් ඉදි කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව කැලිෆෝනියා, ඇරිසෝනා සහ නිව් මෙක්සිකෝ ප්‍රාන්තවල තාප්පය ඉදි කිරීම සඳහා එම මුදල් භාවිත වනු ඇත. 

තාප්පය ඉදි කිරීම සඳහා මුදල් භාවිත කළ හැකි යැයි කොංග්‍රසය නිසි පරිදි අනුමැතිය ලබා දී නැතැයි කැලිෆෝනියා අධිකරණය ට්‍රම්ප් තීරණයට විරුද්ධව තර්කයක් ඉදිරිපත් කළේය.

(ඒ.එෆ්.පී. සහ බී.බී.සී. ඇසුරිනි)  

 055



අදහස් (1)

පෙන්ටගනයට වෙන් කළ මුදල් ඇමෙරිකානු - මෙක්සිකානු දේශසීමා තාප්පයට

Amarasingha Monday, 29 July 2019 08:28 AM

ලොවටම සමානාත්මතාවය, සහජීවනය, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය කියල දෙනවා යයි උජාරුවට කියන ඇමරිකාවද දේශසීමා තාප්ප බඳිනවා. තම රට, ජාතිය ආරක්ෂා කරගන්න. එ්කට අපේ රටේ ඉන්න වෙන්ඩ අැමරිකන්ස්ලා අහක යන කුණු ගෙනත් දාගන්නවා. රටේ මහ ජාතියට වින කරනවා.

:       4       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site