සුඩානයේ අගනුවර වන කාට්රොම් ඇතුළු නගර කිහිපයක පැවති විරෝධතා හේතුවෙන් සුඩානයේ සියලුම පාසැල් වසාදමා ඇතැයි වාර්තා වේ.

පාසැල් නිල ඇඳුමින් සැරසුණු දහස්ගණන් සිසුන් සුඩාන ධජ අතැතිව වීදි බැස විරෝධතාවයේ යෙදෙන බව බලධාරීහු පවසති.

ඉන්ධන සහ පාන් අවශ්‍ය තරම් නොමැතිවීම හේතුවෙන් උතුරු දිග කෝඩෝෆාන් පළාතේ පසුගිය සඳුදා විරෝධතාවක් පැවැතිණි.එය මැඩපැවැත්වීමට එල්ල කළ ස්නයිෆර් සහ තුවක්කු ප්‍රහාර හේතුවෙන් පස්දෙනක් මියගියහ. එයින් හතරදෙනකුම පාසැල් සිසුහු වූහ. ඊට එරෙහිව මෙම විරෝධතාව පැවතිණි.

ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර රාත්‍රී කාලයට පමණක් ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ද පනවා ඇත.
 
(බීබීසී ඇසුරිනි - 085)