සිය වෙබ් අඩවිවල ෆේස්බුක් ‘ලයික්’ බොත්තම’ භාවිත කරන සමාගම්වලට එරෙහිව දත්ත පරිශීලිකයන්ගේ දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි යැයි යුරෝපා සංගම් අධිකරණය අද (29) ප්‍රකාශ කළේය.
පරිශීලකයන්ගේ දත්ත ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ ජාලය වන ‘ෆේස්බුක්’ වෙත දත්ත හුවමාරු කිරීමට අවස්ථාව සලසා දෙමින් සිය සමාගම්වලට අයත් වෙබ් අඩවිවල ‘ලයික්’ (කැමැත්ත පළ කිරීමේ බොත්තම) අවස්ථාව සලසන සමාගම්වලට එරෙහිව දත්ත එකතු කිරීමේ චෝදනාව යටතේ පියවර ගත හැකි බව එම අධිකරණය සඳහන් කළේය.
සමාජ ජාල තුළ සමාගම් සිය නිෂ්පාදන ප්‍රචලිත කිරීමට උත්සාහ කරන බැවින් අන්තර්ජාල වෙළෙඳාම තුළ වෙබ්අඩවි ‘පලගින්ස්’ සුලබ අංගයකි. එහෙත් මේ ක්‍රියාවලි තුළදී දත්ත හුවමාරු වන බැවින් පෞද්ගලිකත්වය පිළිබඳ දත්ත උල්ලංඝණය වීමේ අවදානමක් ඇතැයි විචාරකයෝ පෙන්වාදෙති.
ෆේස්බුක් සමාජ ජාලය හා සම්බන්ධව තිබෙන ‘ලයික්’ බොත්තම භාවිත කරමින් පාරිභෝගිකයන්ගේ දත්තවල පෞද්ගලිකත්වය අදාළ නීති රෙගුලාසි උල්ලංඝණය කඩ කර ඇතැයි ජර්මානු අන්තර්ජාල විලාසිතා සහ රෙදිපිළි සමාගමකට එරෙහිව පියවර ගැනීමට එරට පාරිභෝගික අධිකාරිය ඉකුත් දා පියවර ගත්තේය. යුරෝපා සංගම් අධිකරණය ඉහත තීන්දුව දුන්නේ එම සිදුවීමෙන් පසුවය.
රොයිටර් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යුරෝපා සංගම් අධිකරණයෙන් අන්තර්ජාල සමාගම්වලට නව නීතියක්