ආබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පහසුව සලකා බලමින් ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අලුත්වැඩියා කටයුතු කිහිපයක් කිරීමට ජපානය පියවර ගෙන තිබේ.
රෝද පුටුවලින් පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රවේශ වීම පහසුව සඳහා ඉඩ සලසමින් තාවකාලික පල්ලමක්/බෑවුමක් (රැම්ප්) සැකසීමට ද ජපාන බලධාරීන් පියවර ගෙන ඇත.
ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ආබාධ සහිත එම ප්‍රජාව නියෝජනය කරන සුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ජපානයේ සිටින ආබාධ සහිත පුද්ගලයන් බොහෝ නිශ්ශබ්ද සහ සැඟවුණු ජීවිතයක් ගත කළ අතර යසුහිකෝ ෆුනාගෝ සහ අයිකෝ කිමුරා යන අය එම ආකල්පය වෙනස් කිරීමට සමත්ව ඇත.
“අපි අපට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒක නිසා එහි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ” යැයි ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශක කොජි ඔනෝ පැවැසීය. පාර්ලිමේන්තුවේ කෙරෙන අලුත්වැඩියා හා වෙනස්කම්වලට යෙන් 700,000 (ඇමෙරිකානු ඩොලර් 6,500ක්) කට ආසන්න මුදලක් වැය වන බව ද ඔහු සඳහන් කළේය.
අයිකෝ කිමුරා මෂ්තිෂ්ක ආඝාත රෝගයෙන් පෙළෙන අතර ෆුනාගෝට කතා කළ නොහැක. ෆුනාගෝ සන්නිවේදනය කරන්නේ පරිගණකයක් හෝ පරිවර්තකයකුගේ සහාය ඇතිවය. හෙතෙම ඒ.එල්.එස් නමැති රෝගී තත්ත්වයෙන් පීඩා විඳී. ඒ රෝගී තත්ත්වයට ගොදුරු වන්නන්ගේ මාංශපේශී කාලයත් සමඟ පාලනයෙන් තොර වී යයි.
මේ අනුව පසුගිය සති අන්තයේදී පාර්ලිමේන්තු සභාවේ පසුපෙළ ආසන ඉවත් කිරීමටත් පරිගණක සහ වෛද්‍ය උපකරණ සඳහා පහසුකම් සැපයීමටත් බලධාරීහු පියවර ගත්හ. ඊට අමතරව ආසන අතර තිබෙන අඟල් හයක පඩියක් ද ඉවත් කර ඇත. ප්‍රධාන ප්‍රවේශ දොරටුවේ තාවකාලික බෑවුමක් සැකසීමට ද සේවකයෝ කටයුතු කළහ.
“මගේ හැඟීම් කියන්න වචන නැහැ” යැයි පරිවර්තකයකු මාර්ගයෙන් ෆුනාගෝ පැවැසීය.
පළමු වරට රෝද පුටුවක් භාවිත කරන අයකු ජපාන පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1977 වසරේදීය. එම අවධියේදී ආබාධිත සහිත පුද්ගලයන් සඳහා වැසිකිළි නොවූ අතර ඔහු ඔසවාගෙන යෑමට සේවකයන්ට සිදුවිය.
රොයිටර් ඇසුරිනි
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආබාධිත මන්ත්‍රීවරුන්ගේ පහසුවට ජපාන පාර්ලිමේන්තුවේ වෙනස්කම් කිහිපයක්
අප්පුහාමි Tuesday, 30 July 2019 01:58 AM
ලංකාවේ තරම් පිරිසක් නැතිව ඇති. සිටියා නම් ඒරට මෙතරම් දියුණුවක් ගන්න බැහැ.