IMG-LOGO

‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි

කොංගෝවෙන් ඉබෝලා වසංගතය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එරට සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට රුවන්ඩාව පියවර ගෙන ඇත.
කොංගෝ රාජ්‍යයෙන් ඉබෝලා වසංගතය පිළිබඳ සිදුවීම් තුනක් වාර්තා වීමත් සමඟ රුවන්ඩාව එම පියවර ගත්තේය.

“දෙරටේම ජනතාව ඉබෝලා වසංගතය නිසා පීඩාවට පත්වුණා. ඒ නිසා සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් දේශසීමාව වසා දැමීමට සිදුවනවා” යැයි රුවන්ඩා බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉබෝලා වසංගතය පැතිරුණු බවට තොරතුරු ලැබී ඇත්තේ කොංගොවේ ගෝමා නගරයෙනි. ගෝමා නගරය රුවන්ඩාව සහ කොංගෝව අතර දේශසීමාවේ පිහිටි නගරයකි. එම නගරයෙන් ඉබෝලා වෛරසය වැළඳුණු පුද්ගලයන් තිදෙනකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ.

ගෝමා නගරයේ මිලියන දෙකකට ආසන්න පිරිසක් ජීවත්වන අතර කොංගෝවේ ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රස්ථානයකි. මෙම නරගය රුවන්ඩාවේ ජුසෙනි නගරය හා සම්බන්ධ වේ. රුවන්ඩාවේ ජුසෙනි නගරයේ 85,000කට වැඩි පිරිසක් ජීවත් වෙති.

මෙම නගර දෙක අතර සබඳතා ඉතා ශක්තිමත් වන අතර බොහෝදෙනෙක් දේශසීමාවේ එහා මෙහා ගමන් කරමින් රැකියාවල නිරත වෙති. ඇතැම් අයගේ නිවාස ඇත්තේ අසල්වැසි නරගයේ ය. දරුවන් පාසල් අසල්වැසි රටට අයත් නගරයේ තිබෙන පාසල්වලටය.

රුවන්ඩාව ගෙන ඇති මෙම පියවර නිසා දෙරටේ බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති අතර රැකියාවට අසල්වැසි කොංගෝවේ ගෝමා නගරයට ගිය පිරිස්වලට නැවත නිවෙස් බලා යෑමට නොහැකි වී ඇතැයි ද පැවසේ. 
 
(ඒ.එෆ්.පී. ඇසුරිනි
 055)



අදහස් (0)

‘ඉබෝලා’ නිසා රුවන්ඩාව කොන්ගෝ දේශ සීමාව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 875 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 533 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site