IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වයඹ දිග සිරියාවේ ලක්ෂ 4 ක් අවතැන් වී ඇතැයි එ.ජා.සංවිධානය කියයි

ඉකුත් මාස තුනක කාලයේදී වයඹ දිග සිරියාවේ 400,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (26) සඳහන් කළේය.

කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන මෙම ප්‍රදේශයට සිරියානු රජයේ හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අතර ගුවනින් බෝම්බ හෙළන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය. 

“අප්‍රේල් මාසයේ සිට ගත වූ මාස තුනකට ආසන්න කාලයේ දී 400,000කට වැඩි පිරිසක් අවතැන් වෙලා” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ආයතනය වන ඕ.සී.එච්.ඒ. ආයතනයේ ඬේවිඩ් ස්වැන්සන් පැවැසීය.

මෙම ප්‍රදේශයේ මිලියන තුනකට වැඩි පිරිසකට නිවහන වී තිබෙන අතර එයින් අඩකට වැඩි පිරිසක් දැනටමත් අවතැන්ව සිටිති. පළාත අත්හැර ගිය ඇතැම් පිරිස් රටේ විවිධ තැන්වල අවතැන්ව සිටින බව පැවසේ. 

සිරියාවේ වයඹ දිග ප්‍රදේශයට ඉඩ්ලිබ් නගරය සම්පූර්ණයෙන්ම අයත්වන අතර ඇලෙප්පෝ, හමා සහ ලටාකියා යන පළාත්වල කොටස් ද අයත් වේ.

වැඩිම පිරිසක් අවතැන් වී ඇත්තේ දකුණු දිග ඉඞ්ලිබ් කොටසේ සහ උතුරු හමා කොටසේය. ගැටුම් වැඩි වශයෙන් පවතින්නේ ද එම ප්‍රදේශවල. 
මෙම ප්‍රදේශවල පාලනය පවතින්නේ අල්කයිඩා සංවිධානයේ සිරියානු ශාඛාව ලෙස සැළකුණු හයත් තහ්රිර් අල් ෂමාම් සංවිධානය යටතේය. අල්කයිඩා සංවිධානයේ බිඳී ගිය මෙම සංවිධානය දැඩි අන්තවාදී පාලනයක් ගෙන යන බව පැවසේ.

සිරියානු රජයේ හමුදා ඊට හිතවත් පාර්ශව මෙම ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර එම ප්‍රහාරවලින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලයේ දී සිවිල් වැසියන් 730කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ බව බ්‍රිතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය. 

අප්‍රේල් මාසයේ අග සිට මේ දක්වා කාලයේ දී මෙම ප්‍රදේශවල තිබෙන සෞඛ්‍ය පහසුකම් සපයන ස්ථාන හෝ සෞඛ්‍ය සේවකයන් හෝ ඉලක්ක කරගනිමින් ප්‍රහාර 39ක් එල්ල වී ඇතැයි ද ඕ.සී.එච්.ඒ. ආයතනය සඳහන් කළේය. ගුවන් ප්‍රහාරවලින් පාසල් 50කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු වී ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

(055)



අදහස් (0)

වයඹ දිග සිරියාවේ ලක්ෂ 4 ක් අවතැන් වී ඇතැයි එ.ජා.සංවිධානය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site