පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරය ආසන්නයට කුඩා ප්‍රමාණයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 18දෙනෙකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යානයේ සිටි සිවිල් වැසියන් 13දෙනකු සහ කාර්යමණ්ඩලයේ පස්දෙනකු මෙලෙස මියගොස් ඇත.
මිනිසුන් පදිංචි පෙදෙසකට යානය කඩා වැටී ඇති අතර කඩා වැටීමෙන් පසු ඇතිවූ ගින්න නිවෙස් කිහිපයකට ද පැතිරී ඇත.
මියගිය සියලුදෙනාගේ සිරුරු පිළිස්සී ඇති බැවින් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මෙම යානය පකිස්ථාන ගුවන් හමුදාවට අයත් එකක් වන අතර එය පුහුණු කටයුතු සඳහා යොදාගන්නා යානයක් බව සඳහන් වේ.
(බීබිසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd