පකිස්ථානයේ රාවල්පිණ්ඩි නගරය ආසන්නයට කුඩා ප්‍රමාණයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් 18දෙනෙකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යානයේ සිටි සිවිල් වැසියන් 13දෙනකු සහ කාර්යමණ්ඩලයේ පස්දෙනකු මෙලෙස මියගොස් ඇත.
මිනිසුන් පදිංචි පෙදෙසකට යානය කඩා වැටී ඇති අතර කඩා වැටීමෙන් පසු ඇතිවූ ගින්න නිවෙස් කිහිපයකට ද පැතිරී ඇත.
මියගිය සියලුදෙනාගේ සිරුරු පිළිස්සී ඇති බැවින් හඳුනාගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව පොලිසිය පවසයි.
මෙම යානය පකිස්ථාන ගුවන් හමුදාවට අයත් එකක් වන අතර එය පුහුණු කටයුතු සඳහා යොදාගන්නා යානයක් බව සඳහන් වේ.
(බීබිසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාකිස්ථානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 18ක් මරුට