බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් ප්‍රාන්තයේ ටොඩ්බෲක් ජලාශයේ වේල්ල බිඳීයෑමේ අවදානමක් මතුව ඇති බැවින් පහළින් පිහිටි ගම්මානවල පන්දහසකට අධික පිරිසකට ඉවත්වීමට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

වේල්ලේ කොටසක් කඩාවැටී ඇති අතර සම්පූර්ණ වේල්ල බිඳිගියහොත් දැවැන්ත ගංවතුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ආපදා අංශ අනතුරු අඟවා ඇත.

මේ වනවිට ජලාශයෙන් ජලය ඉවත් කිරීමේ මෙහෙයුමක ඉංජිනේරුවරු යෙදී සිටිති.

දින කිහිපයක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් වේල්ලට හානි සිදුවූ බව පොලිසිය පවසයි.

වර්ෂ 1830දී සාදා ඇති මෙම වේල්ලේ මෙතෙක් කිසිම ගැටලුවක් වාර්තා නොවූ බව ඉංජිනේරුවන් සඳහන් කර ඇත.

(බීබිසි ඇසුරිණි - 085)