උතුරු කොරියාව කෙටිදුර මිසයිල දෙකක් ගුවන්ගත කළ බව දකුණු කොරියාව පවසයි.
මෙම මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ වොන්සන් වෙතින් මුදාහැර ඇති අතර ඒවා කිලෝමීටර් 430ක් පමණ ගමන් කර මුහුදට පතිත වී ඇතැයි පැවසේ.
ඇමරිකාව හා දකුණු කොරියාව එක්ව යුද අභ්‍යාස පැවැත්වීමට විරෝධය පළකිරීමක් ලෙස මෙම මිසයිල අත්හදා බැලීම සිදුකරන්නට ඇතැයි විචාරකයෝ පවසති.
උතුරු කොරියානු නායකයා ඇමෙරිකානු ජනපතිවරයා සමඟ පසුගිය මාසයේ පැවැත්වූ සාකච්ඡා වලින් පසුව මිසයිල අත්හදා බැලීමක් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd