ඉන්දීය දේශසීමා හමුදාවේ ගෞරවාන්විත ලුතිනන් කර්නල්වරයකු වන එරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි හමුදා නිල ඇඳුමින් කාශ්මීර නිම්නයේ මුර සංචාරවල යෙදුණු බව ඒ.එන්.අයි. පුවත් සේවය වාර්තා කරයි.
ලුතිනන් කර්නල් (ගෞරවාන්විත) මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය දේශසීමා හමුදාවේ 106 බලඇණියට අනුයුක්තව ජූලි 31 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා කටයුතු කරන බව ද ඒ.එන්.අයි. පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිට (38) ඉන්දීය හමුදාවේ මෙම ගෞරවාන්විත තනතුර හිමිවූයේ 2011 වසරේදීය.
2011 වසරේදී ලෝක කුසලානය දිනූ ඉන්දීය එක්දින කණ්ඩායමේ නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි මේ දිනවල කොදෙව් දූපත් සංචාරයක නිරත වී සිටින ඉන්දීය කණ්ඩායම සමඟ එක් නොවීය.
කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ පන්දුවාර 20-20 තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි
(055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd