යේමන ඒඞ්න් නගරයේ සිදු වූ පිපිරීමකින් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

මරාගෙන මැරෙන බෝම්බකරුවකු මෝටර් රථය තුළදීම බෝම්බ පුපුරුවා ගැනීමෙන් එම පිපිරීම සිදුව ඇතැයි යේමන රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

වෛද්‍ය හා ආරක්ෂක අංශ ආරංචි මාර්ග ද ඒ බව තහවුරු කළේය.

බෝම්බ පිපිරීමෙන් සිවිල් වැසියන් ඇතුළු 20 දෙනෙක් තුවාල ලැබූහ. ඒඩ්න් නගරය යේමන රජයේ පාලනයේ තිබෙන දෙවැනි නගරයයි.

පිපිරීම සිදුව ඇත්තේ ෂීක් ඔත්මාන් නමැති ප්‍රදේශයේ ය. ඒඩ්න් යනු වරාය නගරයකි. 


ඒ.එෆ්.පී. ඇසුරිනි 

(055)