ස්ටිකරය නිසා සුරා බදු ආදායම සියයට 20 කින් වැඩිවෙලා මධ්‍යසාර බෝතල් මත ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ හේතුවෙන් මෙම වසරේ ගෙවී ගිය මාස 10 ක කාලය තුළ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සුරා බදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කර ඇත. 25 November 2022
අයි.ඕ.සී ලාබ ලබා සිපෙට්කෝ පාඩු ලබන්නත් හේතුව විජිත කියයි පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 November 2022
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අද (25) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2022
විජයදාසගේ පැමිණිලි ගැන විමර්ශනයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ 2018 වසරේ දී සිදුවූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරනු ලැබූ පැමිණීලි 04ක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. 25 November 2022
’’ඉන්නවට විරුද්ධ නම් අපි පක්ෂයක් හදන්නම්’’ අපි පක්ෂයේ ඉන්නවා ට විරුද්ධ වුණොත් ’’අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්’’ හදන්නම් යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 November 2022
පාඩු යැයි කියන ලිට්රෝ ලක්ෂ ගානක පාටියක් දාලා පාඩු ලබනවා යැයි කියන ලිට්රෝ ගෑස් සමාගම මීට දෙදිනකට පෙර රුපියල් ලක්ෂ ගණනාවක් වැය කොට වෝටර්ස් එජ් හෝටලයේ විශාල පාටියක් දමා ඇතැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 November 2022
රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානමක් ජාත්‍යන්තර ආචාර ධර්ම සහ නීති උල්ලංඝනය නොකර සහන මිලට රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කළේය. 25 November 2022
ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට ද්විත්ව පුරවැසිභාවයට සහ වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන්ගේ වීසා ඇතුළු කාණ්ඩ කීපයක වීසා ගාස්තු ලබන දෙසැම්බර් මස 1 වැනිදා සිට ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2022
මීටරයක්වත් දාගන්න මණ්ඩලයට බඩු නෑ මීටරයක් වත් දාගන්න විදුලිබල මණ්ඩලයට අද බඩු නැතැයි පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 November 2022
නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. 25 November 2022
හොර ලේබල් සමග අරක්කු වෙළෙඳ පොළේ අරක්කු බෝතල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස මුද්‍රණය ඒවා ඇලවූ අරක්ක් බෝතල් ලක්ෂ ගණනක් මේ වන විට වොළෙඳපොළට නිකුත් වි ඇතැයි ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කියයි. 25 November 2022
ඛනිජ තෙල් - විදුලිය බරට ණය ඛනිජ තෙල් සංස්ථාවේ පමණක් වත්මන් ණය බර ට්‍රිලියන 1.2 ක් බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 November 2022
‘ටෙලිකොම්’ විකිණීමට එරෙහිව රට පුරා විරෝධය ශ්‍රී ලංකා ‘ටෙලිකොම්’ සමාගම පෞද්ගලිකරණය කිරීමට රජය කළ යෝජනාවට එරෙහිව එම සමාගමේ සේවකයන් කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට සහ රට පුරා ටෙලිකොම් උප කාර්යාල ඉදිරිපිට අද (25) විරෝධතා පැවැත්වූහ. 25 November 2022
ධීවරයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය පවුම් 880,000 දෙයි එක්සත් රාජධානිය, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා බ්‍රිතාන්‍ය පවුම් 880,000 ක් මුදලක් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව නගා සිටුවීම සඳහා ප්රදානය කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය නිවේදනය කළාය. 25 November 2022
සපුගස්කන්ද දිගටම වැඩ කළොත් මිලියන 300ක ලාභයක් සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින් වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 November 2022
හර්ෂ බදු ගණනාවක් ගැන කියයි කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ වන නියෝග ඇතුළු කරුණු හා පනවා ඇති බදු ගණනාවක් සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාකඡාවට ලක් වූ බව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් යොදමින් සඳහන් කර ඇත. 25 November 2022
චීනයෙන් මෙරට ගොවියන්ට - ධීවරයන්ට ඩීසල් ප්‍රදානයක් චීනය ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ ගොවියන් වෙනුවෙන් ප්රදානය කළ ඩීසල් ලීටර මිලියන 10.6 රැගත් ’’සුපර් ඊස්ටන්’’ ඉන්ධන ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වී ඇති බවත් එය හෙට (26) කොළඹ වරාය වෙත ළඟා වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 25 November 2022
එම්.ඕ.පීවලට ලුණු කලවම් කරන ජාවාරමක් අල්ලයි ලුණු ලේවායෙන් ඉවත දමන ලුණු එම්.ඕ.පී. රතුකුඩුවලට කලවම් කර ප්‍රමිතියෙන් තොර බාල පොහොර සකස් කරමින් සිටි පුද්ගලයෝ හය දෙනෙක් තිරුක්කෝවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි අත් අඩංගුවට ගනු ලැබූහ. 25 November 2022
දුම්රිය මැදිරියක් ගිනිගෙන දැවෙයි රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැය දෙකක් වෙයි එළඹෙන සති අන්තයේ (26 සහ 27) පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (25) පැවසීය. 25 November 2022
තිළිණිට සම්බන්ධ රූපලාවන්‍යාගාර හිමිකරු රිමාන්ඩ් මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අය ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් විකුනා දෙන බව පවසා වංචා කළැයි කියන සිද්ධියකට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය. 25 November 2022
එදා අරගලයට හොඳ කී රනිල් දැන් පෙනේ පුප්පනවා අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසු කී රනින් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 November 2022
කාංචන මහජන කොමිසම පතුරු ගහයි විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර කර ඇරි බවත් බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යයි පවසන මොහොතක මෙවැනි කොමිෂන් සභා රටට නොතිබුණා නම් හොඳ යැයි තමාට සිතෙන්නේ මේ නිසා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
අන්තරේ නිහඬ විරෝධතාව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මේ වන විට පැවැත්වේ. 25 November 2022
ක්‍රීඩාවට ඇති දේශපාලන බලපෑම් ගැන චන්ග් විමසයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට දේශපාලන අත පෙවීම් තිබේදැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු ජනපද තානාපති ජූලී චන්ග් මහත්මිය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගෙන් විමසා ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. 25 November 2022
පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ භාරදුන්හ. 25 November 2022
ඇඹුල් කෙසෙල් හෙට රට යයි ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි. 25 November 2022
හකීම් පන්සල් ගැන කතා කරයි විදුලිබිල සංශෝධනය දුප්පත් ආගමික ස්ථානවලට දරාගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 November 2022
මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි ප්‍රතිකාර කටයුතු නතරවීමෙන් රෝගීන් බරපතළ ගැටලුකාරී තත්වයකට මුහුණදී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
ජගත්ගෙ වරප්‍රසාද ප්‍රශ්නයට කිරිඇල්ලගෙන් උත්තර තමා මන්ත්‍රීවරුන් 25 දෙනෙක් සමග විපක්ෂයට එන්න සූදානම් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කී ප්‍රකාශය ඔප්පු කළහොත් තමා ඉල්ලා අස් අස්වෙන්න සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 25 November 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026