
(යොහාන් භාසුර)
ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජපන් නියෝජිතයන් පිරිසක් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (10) පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා එසේ එකඟ වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව දීමටත් කැමැත්ත පළ කර තිබේ.
ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේදී අවබෝදයක් දීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වයෝවෘද්ද විශ්‍රාමිකයන්ට වෙන්නේ කුණු බක්කි සුද්ද කරන්න තමයි.
මෙයාගේ ගැත්තන්ව තෝරලා ඔය රස්සාවල් වලට අරිවී.
රටේ උගතුන් තරුණ ශ්‍රමය රටින්පිට වහල්කමට යවන්න වලිකන කාලකන්නි පාලකයින්. පවුල් අවුල් දරුවන්ට දෙමාපිය රැකවරණ අහිමි වීම, අනාචාරය වැඩිවීම, ළමා හිංසනය... මේ සියල්ල මේ ක්‍රමය නිසා වැඩිවීම සිදුවෙනවා...