බාල බෙහෙත් කෝටි ගණනක් ගැබිනි මවුවරුන්ට පොවලා
ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.