
(ආරියරත්න රණබාහු)
කුඩා තේවතු හිමියන් වෙත යූරියා U709 පොහොර සහනාධාර ක්‍රමයකට බෙදා දිමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා තේ කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව වෙළඳ පොලේ රුපියල් තිස්දහසක් පමණ වන එම පොහොර වර්ගය පොහොර සමාගමි හා තම සංගමය කළ සාකච්චාකින් පසු රුපියල් 17000ක පමණ මුදලකට ලබාදිිමට එකඟ වූ බවද ඔවුහු කීහ.
අදාළ එම පොහොර සංගමය මගින් තේවතු හිමියන් ගේ දොරකඩ ළගටම ගෙනවිත් දෙන බවත් ඒ සඳහා වූ මුදල් කර්මාන්තශාලා වෙත තේ දළු සැපයිමෙන් පසු මාස තුනක කාලයකින් පියවිය හැකිබවත් සංගමයේ නිලධාරීහු පැවසූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
17000 අනේ කරුමේ... 1500ට තිබුණු පෝර... අපි නම් දෙයි...