IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයිස් සමග ඇල්ලූ දෙන්නා රඳවා ගන්න අවසර

(හිරාන් ප්‍රියංකර)

රුපියල් කෝටි තුනකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් සැකකරුවන් දින තුනක් රදවා ප්‍රශ්න කිරීම සදහා පුත්තලම අංක දෙක මහෙස්ත්‍රාත් එස්.ඒ.එම්.සී.සතුරුසිංහ මහතා කල්පිටිය පොලිසියට  නියෝග කළේය.

මෙසේ පැය 72ක කාලයක් රදවා ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා දී තිබුනේ කල්පිටිය සිංහකුඩිරිප්පුව ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ක ප්‍රමානයක් ප්‍රවාහනය කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දෙදෙනෙකී.

ආදල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයෙ පදිංචි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා කල්පිටිය තොර අඩිය ප්‍රදේශයෙ පදිංචිකරුවකු බව කියයි.

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් මෙරට වයඹ මුහුදු තිරයට  අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුන බුද්ධි තොරතුරක් මත කලක සිට සිදුකල මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුනී.



අදහස් (1)

අයිස් සමග ඇල්ලූ දෙන්නා රඳවා ගන්න අවසර

විජේ Wednesday, 11 January 2023 04:34 PM

ඒක තමයි පහුගිය කාලෙ අහවලා කැලෑ එලිකරලා තොග පිටින් පදිංචි කලේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site