(යොහාන් භාසුර)
ඉන්ධන අර්බුදය හේතුවෙන් රට තුළ ප්‍රවාහන විදයම් ඉහළ යෑමට පිළියමක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ‘වැගන’ ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමු කර ඇති බවත් ඒ හරහා සාමාන්‍ය ප්‍රවාහන වියදමට සාපේක්‍ෂව සියයට 40 කට අධික මුදලක් ඉතිරි කරගැනීමේ අවස්ථාව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
වැගනයකින් අවම මෙටි්‍රක්ටොන් 35 ක් සහ උපරිම මෙටි්‍රක්ටොන් 45 ක් දක්වා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බවත් සිසිල් බීම, සිමෙන්ති, ජල බෝතල්, සුපිරි වෙළඳසැල්වල එළවළු පළතුරු, පාවහන් සහ ඖෂධ මේ වන විටත් වැගන හරහා ප්‍රවාහනය කරන බවත් ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් කීය.
වැගන හරහා ප්‍රවාහනයට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන යොමුවන්නේ නම් ඒ සඳහා ගබඩා පහසුකම් දීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුවට ඇති බව කී එම නිලධාරියා කැලණිවැලි මාර්ගයේ හැර සෙසු සියලුම මාර්ගවල වැගන ප්‍රවාහන ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නානු ඔය සිට කොළඹ කොටුවට එළවළු ප්‍රවාහනය කළ දුම්රියට මොකද වුණේ?
සුඩ්ඩ රෙල් පාරවල් හැඩුවෙ පොඩි පොඩි බඩු බාහිරඩිය විතරක් නෙමෙයි ඉන්ධන ප්‍රවාහනයටත් එක්ක.. එක එක දේශපාලුවන්ගෙ හෙන්චයියන් පිනවන්නත් දේශපාලුවන්ට අනියම් ආදායම් ගන්නත් බවුසර් වලින් ඉන්දන ප්‍රවාහනය පටන් ගත්තෙ කවුද? අන්තිමට කැරකිලා හිටපු තැනටම එනවා.. තව අපිට ලොකුවට පෙන්නන්න හදනව උන්ගෙ වැඩගත් සංකල්ප කියල.. ඇති මෙහෙම වත් මොලෙ ඇති දෙයක් කරනව..
මේක අලුත් යෝජනාවක් නෙවෙයි. සුද්දෝ මේකට තමයි කෝච්චි දැම්මේ... ඒත් අපේ අය කොමිස් ගහන්න ඒ අයට සල්ලි හොයාගන්න ලොරි, කන්ටේනර් අරන් කීයක් හරි හොයාගන්න ගහපු මගඩියක් තමයි මේ ප්‍රවාහන ක්‍රමය... අපි ඕවා දන්නවා..
මේ වගේ ප්‍රොජෙක්ට් පුද්ගලික අංශයට දෙන්න .හරියට රාජදානි එක්ස්පෝ වගේ.උන් ආන්ඩුවට බද්දත් ගෙවලා අපේ බඩු ටික පරිස්සමට ගෙදරටම ගෙනත් දෙයි.උනන්දුවක් නැති දුම් රිය සේවකයන් මේක ටික දවසකින් කචල් කරයි.පෑලියගොඩ මාර්කට් එක ලගින් අලුත් නැවතුමක් හදන්න එලවලු බාන්න.