IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාව ඇතුළු රටවල් 3කට හරියට කන්න නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති බවත් විදුලිය කප්පාදුවට හුරු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වී තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, ඉහළ ආහාර සහ බලශක්ති මිල මෙන්ම ඉහළ උද්ධමනය සමඟ මහ බැංකු වලට සටන් කිරීමට සිදුවීම දකුණු ආසියාවේ ආර්ථිකයන්ට බලපෑම් එල්ල කර ඇතැයි ලෝක බැංකුව පවසා ඇත. ඒ හේතුවෙන් එම රටවල වෙළඳාම සහ නිෂ්පාදනය හැකිලී ඇති බවත් එය එම රටවල සිටින පවුල්වල සැබෑ අදායමට බලපා ඇති බවත් ලෝක බැංකු වාර්තාව පෙන්වා දී තිබේ.

ඇති වී තිබෙන ආර්ථික අර්බුද හමුවේ ඇතැම් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති බවත් තවත් රටවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආනයන සීමා පනවමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

බාහිර ණය ගෙවීමට , ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට විදේශ සංචිත හිඟ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 9.2 කින් හැකිළී ඇති බවත් මෙම වසරේ එය සියයට 4.2 දෙකකින් හැකිළෙතැයි පුරෝකථනය කරන බවත් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවේ සඳහන් වේ.

කලාපයේ ආර්ථිකය 2022 වසරේ සියයට 6.1 ක් දක්වා මන්දගාමී වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එය 2023 වසරේදී තවත් පහළට යමින් සියයට 5.5 ක් දක්වා තවත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කරන බවත් එම වාර්තාව පෙන්වා දී ඇත. 



අදහස් (2)

ලංකාව ඇතුළු රටවල් 3කට හරියට කන්න නෑ

fairoos Wednesday, 11 January 2023 04:44 PM

"ලබන මස ලොව හොඳම රට ශ්‍රී ලංකාව"

:       1       3

Perera Wednesday, 11 January 2023 05:26 PM

මොන විකාරද? ගිහින් බලන්න රට පුරාම හෝටල්වල, රෙස්ටුරන්ට් වල මිනිස්සු කන, බොන හැටි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site