IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති අත ගසයි

(අංජුල මහික වීරරත්න)

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම  සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට  විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේ බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

මෙරට සියලු දේශපාලන පක්ෂ වල  සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් අනුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෘජු මැදිහත්වීම ලබා දුන්නේය.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳීම ආරම්භ වී තිබෙන තත්ත්වය යටතේ ඊළඟට වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩකටයුතු වහාම  ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටිතියි ජනාධිපති කාර්යාල ආරංචි තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.

වතුකරයේ සහ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසඳීමේ දී ඒ ප්‍රජාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්  මෙන්ම විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී කර ගැනීමට ජනාධිපතිවරයා තව දුරටත් අදහස් කර සිටී.



අදහස් (9)

මුස්ලිම් සහ වතුකරයේ ප්‍රශ්න විසඳන්න ජනපති අත ගසයි

Sunil Wednesday, 11 January 2023 11:53 AM

දශක ගණනාවක් රටේ මොනම ප්‍රශ්නයක්වත් විසඳුවේ නැති මෙයා කොහොමද සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්නේ

:       6       16

ඝුනිල් Wednesday, 11 January 2023 12:01 PM

එතකොට උතුරු නැගෙනහිර ඝිංහල ජනතාවගෙ ප්‍රශ්න විඝදන්නෙ කවදද?

:       4       16

fairoos Wednesday, 11 January 2023 02:09 PM

අනේ මෙයා විසඳපු ප්‍රශ්න, නිකන් කයිවාරු විතරයි...

:       5       4

BamunuarachchiWednesday, 11 January 2023 05:39 PM

හිතාගෙන ඉන්න ඇති දෙමළුන්ට උතුරුකරේත් හමබයින්ට නැගෙනහිරත් දේවී කියලා

:       0       0

Hafeel Wednesday, 11 January 2023 02:15 PM

මෙයා දැන් මේ කරන්නේ ජාතිවාදය අවුස්සන්න එක. මේ රටේ දැන් පොදුවෙන් කාටත් තියන්නේ ආර්ථික ප්‍රශ්නය මිස එක් එක් ජන කොටස්වලට වෙන වෙනම ප්‍රශ්න නැහැ. පුළුවන් නම්, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ හංගපු පිටු 26 ඇතුළු සම්පූර්ණයෙන්ම ක්‍රයාත්මක කරන්න නීතිපති දෙපාර්තුමේන්තුව සහ අධිකරණයට නිදහස දෙන්න කෝ? පාස්කු ප්‍රහාරයෙන් සියලු ජන කොටස් පීඩාවට පත් වුනා. ඒ වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න. ඒ වෙනුවට ජාතීන් අතර බැදීම් ඇති කරලා, බලය ඉන්න එක වැරදි.

:       3       7

kamal Wednesday, 11 January 2023 03:25 PM

රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳන්න බැරිකම නිසා, බත් නැති නිසා ෂෝට් ඊට්ස් කනවා.

:       2       4

BamunuarachchiThursday, 12 January 2023 09:48 AM

රටේ 12% ඉන්න දෙමලුන්ගේ හා 9% ඉන්න මුස්ලිම් කාරයින්ගේ ප්‍රශ්න 75% ඉන්න සිංහලයෝ ප්‍රශ්න කර ගන්න ඕනේ නැහැ අපිට විසඳාගන්න රටේ වෙනත් ප්‍රශ්න තිබෙනවා.

:       0       1

Perera Wednesday, 11 January 2023 05:32 PM

මෙයා විසඳන ප්‍රශ්න .අනේ නිකන් යන්න

:       0       0

Gamunu Wednesday, 11 January 2023 06:22 PM

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඔවුනට නොහැකිනම්, දසක 7ක් ඔවුන් බලය බෙදීමෙන් පසු උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම සුදානම්වන කණ්ඩායමකි. එමනිසා ඍජුව ජනාධිපති කාර්යාලය සහ ප්‍රදේශය සබා මාර්ගයෙන් උතුරේ ජනතාවගේ ගැටලු වෙත විසදුම් ලබාදීමට කට යුතු කල යුතුවේ. උතුරේ ජනතාවගේ ද්යිනික ගැටලු, ද්‍රවිඩ ජාතික සන්ධාන සහ වෙනත් දේශපාලන කණඩායම් ඔවුන්ගේ දේශපාලන අවශ්‍ය තත්වයන් සපුරා ගැනීමට දසක 7ක් සිදුකල ක්‍රියාදාමය අවසන් කල යුතුවේ. දේශපාලනික වසයෙන් නොව ජනාධිපති කාර්යාලය, උතුරේ tamil communities සමග ඍජුව සම්බන්දත්වයක් පවත්ව ගැනීම සහ ඔවුන්ගේ ගැටළු සදහා විසදුම් ද්‍රවිඩ ජනතව මද්යම රජය සමග එක්වනු ඇත සහ වෙනත් සදනිය මත දරනාවූ දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණෙනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site