(අංජුල මහික වීරරත්න)
ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් මේ වන විට විසදීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන පසුබිම යටතේ බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මෙරට සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් අනුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෘජු මැදිහත්වීම ලබා දුන්නේය.
උතුරේ ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳීම ආරම්භ වී තිබෙන තත්ත්වය යටතේ ඊළඟට වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩකටයුතු වහාම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටිතියි ජනාධිපති කාර්යාල ආරංචි තවදුරටත් තවදුරටත් සඳහන් කළේය.
වතුකරයේ සහ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසඳීමේ දී ඒ ප්‍රජාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී කර ගැනීමට ජනාධිපතිවරයා තව දුරටත් අදහස් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දශක ගණනාවක් රටේ මොනම ප්‍රශ්නයක්වත් විසඳුවේ නැති මෙයා කොහොමද සුළු ජාතීන්ගේ ප්‍රශ්න විසඳන්නේ
එතකොට උතුරු නැගෙනහිර ඝිංහල ජනතාවගෙ ප්‍රශ්න විඝදන්නෙ කවදද?
අනේ මෙයා විසඳපු ප්‍රශ්න, නිකන් කයිවාරු විතරයි...
මෙයා දැන් මේ කරන්නේ ජාතිවාදය අවුස්සන්න එක. මේ රටේ දැන් පොදුවෙන් කාටත් තියන්නේ ආර්ථික ප්‍රශ්නය මිස එක් එක් ජන කොටස්වලට වෙන වෙනම ප්‍රශ්න නැහැ. පුළුවන් නම්, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කල ජනාධිපති කොමිසමේ වාර්තාවේ හංගපු පිටු 26 ඇතුළු සම්පූර්ණයෙන්ම ක්‍රයාත්මක කරන්න නීතිපති දෙපාර්තුමේන්තුව සහ අධිකරණයට නිදහස දෙන්න කෝ? පාස්කු ප්‍රහාරයෙන් සියලු ජන කොටස් පීඩාවට පත් වුනා. ඒ වෙනුවෙන් සාධාරණ ඉටු කරන්න. ඒ වෙනුවට ජාතීන් අතර බැදීම් ඇති කරලා, බලය ඉන්න එක වැරදි.
රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ විසඳන්න බැරිකම නිසා, බත් නැති නිසා ෂෝට් ඊට්ස් කනවා.
මෙයා විසඳන ප්‍රශ්න .අනේ නිකන් යන්න
උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඔවුනට නොහැකිනම්, දසක 7ක් ඔවුන් බලය බෙදීමෙන් පසු උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම සුදානම්වන කණ්ඩායමකි. එමනිසා ඍජුව ජනාධිපති කාර්යාලය සහ ප්‍රදේශය සබා මාර්ගයෙන් උතුරේ ජනතාවගේ ගැටලු වෙත විසදුම් ලබාදීමට කට යුතු කල යුතුවේ. උතුරේ ජනතාවගේ ද්යිනික ගැටලු, ද්‍රවිඩ ජාතික සන්ධාන සහ වෙනත් දේශපාලන කණඩායම් ඔවුන්ගේ දේශපාලන අවශ්‍ය තත්වයන් සපුරා ගැනීමට දසක 7ක් සිදුකල ක්‍රියාදාමය අවසන් කල යුතුවේ. දේශපාලනික වසයෙන් නොව ජනාධිපති කාර්යාලය, උතුරේ tamil communities සමග ඍජුව සම්බන්දත්වයක් පවත්ව ගැනීම සහ ඔවුන්ගේ ගැටළු සදහා විසදුම් ද්‍රවිඩ ජනතව මද්යම රජය සමග එක්වනු ඇත සහ වෙනත් සදනිය මත දරනාවූ දේශපාලන කණ්ඩායම් ඉදිරියට පැමිණෙනු ඇත.