
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව, උත්තර සභාගය ඇතුළු සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී මේ වන විට ආරම්භ වී තිබේ.
මෙම සන්ධානයෙහි ලකුණ ‘හෙලිකොප්ටරය’ වේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල් මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’, අනුර ප්‍රියදර්ශන යාපා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වනසපු තවත් කාලකන්නින් ටිකක් එකතුවො
වීර සංගිලි පනික්කියා ඉන්නවා නම් ඔය අපතයින් ගොඩයන්න හදන ඩීල් එකක් ඔය සංධානේ...
අපි රැවටුනා ඇති වෙද?
පොඩි පොහොට්ටුව
පොහොට්ටුව පාර්ට් 2 සලකුණ පඩික්කම
ඔන්න රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව.
චන්දෙ ඉවර උනාට පස්සේ මේ සන්ධානය සී සී කඩ විසිරිලා වාෂ්ප වෙලා යනවා
කිරෙන් බැද්දත් කොබෙයියා ..තෙලෙන් බැද්දත් කොබෙයියා ...කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා
එකතු වෙච්ච එක හොඳයි .එකටම තියලා ගෙදර යවන්න පුළුවන් හෙලිකොප්ටරයෙන්ම
තොපිට හෙන ගහපියව්
රට බේරාගැනීමට ඇති තවත් අන්තිම අවස්ථාවක්. අපිට රැවටෙමු.
ෆ්‍රෙඩි සිල්වාගෙ සින්දුව මතක් වුනා.. "උඩින් යන්නෙ ඇයි එයාලට බිමින් බැරුවද? " . . " හිටපු ගමන් උඩ යන්න හිතන අය වැටෙයි කියා. . ජැක්ලා ජිල් ලා පෙන්නා දුන්නා නේද එදා.." ප්‍රේමකීර්ති මැති තුමනි.. ඔබෙ විඥ්නානය නම් අදහන්න වටිනවා..