
(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම දින දහයකට තාවකාලිකව අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කර දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා ද අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කළේ ලබන 20 වැනිදා සිට 30 වැනිදා දක්වා අතර කාලයේදී තම සේවාදායකයාට විදෙස් ගත වීමට සදහා අවසර ලබා දෙන ලෙසය.
ඉරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන මාර්තු මස 28 වැනිදා තෙක් කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෙ ලංකාවට පනපිටින් එන්න නොලැබෙවා.
තම ආගම අදහන්න තිරුපති යනවා.
ඇවිදින විටචි හංදි ගැලවී වැටීයන්….. මළ පහ නොවී දෙකොනින් ගිණි නැගීයන්…. දුන් ගින්දරට හත්කඩකට පැලීයන්…. අවීචි නරකයෙ ඉපිද ඉපිද පැසීයන්…
ඇත්තටම මේ දේශපාලකයින්ට රට සවාරි ගහන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ කියන එක දැන්වත් රටේ ජනතාවට දැනගන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. තමුන්ගේ පුද්ගලික මුදල් කිව්ව පමණින්ම කොහෙන්ද ඔච්චර සල්ලි. මතකද එක සැරයක් පවුල පිටින් තිරුපති ගියේ ජෙට් එකක් කුලියට අරගෙන... කොහෙන්ද ඒ සල්ලි..? එක මල්ලි කෙනෙක් ඇමරිකා යන්නේ එන්නේ බිස්නස් ක්ලාස් එකේ ආසන කීපයක් හතර වටේට බුක් කරගෙන හිස්ව තියාගෙනලු. මෙයාලා මෙහෙම අත දිගඇරලා වියදම් කරද්දී මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන පඩියෙනුත් බදු කියාලා හුරා ගන්නවා. මේක සාධාරණද?
ලොකේ තියෙන වෙඩි නොවදින හොදම රෝද පුටුව ගන්නද යන්නෙ. අහස් යානව පිරිත් වතුරෙන් හොදන්න එහෙම කිව්වෙ නැත්ද. යන රට කියන්න බැරිද කුනුබිත්තර වලින් පිලිගැනිමක් කරන්න පුලුවන්. ලොකේ ඉන්න ලොකුම මලපෙර්තෙ. දිස්ට් යකා. මේතරම් හොරාකලා මුන් යනවා සවාරි. නඩු කාරයාට අහන්න පුලුවන්නෙ. හිරේ ඉන්න ඕන එකෙක්කුට රට යන්න අවසර ඉල්ලන්නෙ කොහොමද කියලා. බලමුකෝ චන්දෙ ලග එනවා
සෙත්ති පෝ වේවා. ඔය කැනඩාවට යන්ට බැරි උනාට එයාට යන්න තැන් තව තියනව කියල පෙන්නන්න වෙන්නැති.
හැබැයි ඉතින් මෙයා කොහේ ගියොත් ගුටිතමා
එන්න හදිසි වෙන්න ඕනෑ නෑ... තිරුපතිද යන්නේ?
දේශපාලකයින්ට බැණ බැණ ඉන්නේ නැතිව ඡන්දේ නොදී ඉන්න බැරිද?
කක්ක ගොඩ බාරගන්න රටක් තියෙනව නම් කීයක්හරි දී වත් එභේම තියාගන්න කියමුද?
කොහේද යන්නේ..? කැනඩාවලට නම් ගන්න බෑ...
හැදිල තියෙනව කියන මහ ලෙඩ වලට බෙහෙත් ගන්නඩ මෙ නාකි පරානය රට යන්නේ ? මේකලාට මෙ රටෙ වෛද්‍ය ප්‍රතිකර අල්ලන්නෙ නැද්ද ? අරහන්ඩ මෙහෙ බෙහෙත් ? යන නඩය කීයද, රුපියල් වලින්ද ටිකට් ගත්තෙ ? මෙවුවට උත්තර නොදී පැනල යන බයියො.....
සිංගප්පුරුවට තමා ඉතින්. එහෙ බෙහෙත් අපේ ඒවාට වැඩිය ගුනයිනේ. ඔය මොන බෙහෙත බීවත් කාලය දීර්ඝ කරගන්න නම් ලැබෙන එකක් නැහැ.
අම්මෙ තෙල් ඉහිරෙන පින්තුරෙ.. කතුවරට කිව්වඩ දන්නෙ නෑ අද කාලෙ පෙනුම චන්දෙදෙවර වෙනකල් වහන් කරලා තියන්න කියලා.. මෙ නාකි හුටස් පටස් වලට රටෙ අනාගතය භාර oSලා රට අනාත කරන්න එපා තව පාරක්..