(රංජන් කටුගම්පොළ)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී  සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකුට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් විසින් ගොනු කළ ඇපැල් පෙත්සම් නිෂ්ප්‍රභා කළේය.

කෝටි දෙකහමාරක  අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුනට මෙම සිට දඬුවම් නියම කර තිබූ අතර ඊට එරෙහිව මෙම ඇපෑල  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායකට මෙසේ සිර දඬුවම් නියම කළේය.