උත්සව සමයේ ජනතාව රකින්න පාරිභෝගික අධිකාරිය දැළක් එළයි එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොල තුළ සිදුවිය හැකි අකටයුතුකම් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් එම ක්‍රියාවලිය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 25 November 2022
අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ අරඹනවා ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ පළමු වසරේ සිට ලබන වසරේ පටන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
ගෝඨාට ලියුමක් ලියලා ඉල්ලපු දේ සජිත් හෙළිකරයි මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. 25 November 2022
පරිසරික හොර ආරක්ෂණ බල පත්‍රයක් ගැන පැමිණිල්ලක් කොළඹ ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වාහන සේවා ආයතනයක් මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පලාත් අධ්‍යක්ෂකගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යෙදු ’’පාරිසරික ආරක්ෂණ බල පත්‍රයක්’’ සකස් කර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 25 November 2022
ඌවට වැසි ස්වල්පයක් ඌව පළාතේ ස්ථාන ස්වල්පයක අද (25) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 November 2022
මහා නාහිමිවරුන්ට එරෙහි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරති. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ටත් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමියන්ටත් දෝෂාරෝපණය කරමින් අපහාස කරමින් තැන්නේ ඥානානන්ද නම් භික්ෂූන් වහන්සේ නමක් මාධ්‍ය හමුවේ සිදු කරන ලද ප්‍රකාශය මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව ප්‍රතික්ෂේප කර සිටියහ. 25 November 2022
ඕමාන් තුන්වෙනි ලේකම්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරයි මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 3 වැනි ලේකම් ඊ.කුෂාන් මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 24 November 2022
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වැය වැඩි ඡන්ද 81 කින් දිනයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද අසූ එකකින් පාර්ලිමේන්තුවේ දී අද (24) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 24 November 2022
වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර ත්රස්තවාදීන් රිමාන්ඩ් භාරයේ සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි අරගලකරුවන් අතර සිටි ත්රස්තවාදීන් යැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
සල්ලි අච්චු ගැහිල්ල මේ වසරේ අඩුවෙලා මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය. 24 November 2022
ඩී. ඒ රාජපක්ෂ 55 වැනි ගුණසමරුවේදී... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් සහ හිටපු අමාත්‍යවරයෙක් වන ඩී. ඒ රාජපක්ෂ මහතාගේ 55 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ නව නගර ශාලාවේදී අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 November 2022
යුද්දෙන් පස්සේ ආයෙත් ගෙදර ගිය ගාන මෙන්න එල්.ටී.ටී.ඊ යුද තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171ක් මේ වනවිට නැවත පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි. 24 November 2022
මැලේසියා අගමැති ධුරය අන්වාර් ඊබ්‍රහීම්ට මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අන්වාර් ඊබ්‍රහීම් සවස දිවුරුම් දුන්නේය. 75 හැවිරිදි අන්වාර් ඊබ්‍රහීම්, මැලේසියාවේ 10 වැනි අග්‍රාමාත්‍යවරයා ද වෙයි. 24 November 2022
ආදුරුප්පුවීදියේ නිවෙසකට සුද්දයක් දුන්න සැකකරු පැය 24 න් අල්ලයි නිවැසියන් සාදයකට ගොස් සිටි අවස්ථාවක ආදුරුප්පුවීදියේ නිවසක රුපියල් ලක්ෂ 26 ට ආසන්න රන්බඩු සොරාගත් සැකකරුවෙකු පැය 24 ක් තුළ අද (24) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 November 2022
භාණ්ඩ රැසක ආනයන තහනම ඉවතට ඇඟලුම්, ඇඳුම් ආයිත්තම්, ටයිල් සහ පිඟන් භාණ්ඩ, විලවුන්, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයකට පනවා තිබෙනවා ආනයනය තහනම තිබූ සීමාවන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. 24 November 2022
භානුක හෙට තරගයට නෑ ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (25) ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසිය. 24 November 2022
එරාන්ව මීටර් 400 තරගයට වුණත් යවන්න පුළුවන් එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරගයට ඉදිරිපත් කළ හැකි බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 24 November 2022
ජනපති ලොතරැයියක් මිලදී ගනී මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය. 24 November 2022
පාසල්වලට ඔලු කන්නෝ රිංගලා විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔලු කන දේශපාලන කල්ලි පාසල් වලට රිංගමින් සිටින බවට තොරතුරු ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
ඉක්මන් ජනපතිවරණයකට චන්නගෙන් යෝජනාවක් ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ප්‍රස්ථාව සැලසීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2022
‘‘ගහල පැන්නුවත් යන්නේ නෑ‘‘ ගහලා පැන්නුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන්නේ නැතැයි එහි හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 24 November 2022
මහ බැංකු අධිපති වැටුප ගැන කියයි අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 24 November 2022
හිට්ලර්ටලා චැප්ලින්ලා කවුදැයි මන්ත්‍රි තුෂාර කියයි ජනාධිපතිතුමා නිතර නිතර ඇවිත් මන්ත්‍රීවරුන්ට විහිළු කරන්නේ ඇත්ත ප්‍රශ්න අමතක කිරීමට බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
එල්.පී.එල්වලට බාල්දියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය කඩාකප්පල් කිරීමට ක්‍රීඩා ප්‍රධානියෙක් එම තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන්ට පෞද්ගලික මට්ටමින් කථා කර තරගාවලියට සහභාගි නොවන ලෙස දැනුම්දී ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගය කියයි. 24 November 2022
සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අප නිකන් ඉන්නේ නැහැ රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට තර්ජනය කරන විට, සිවුරු ඇඳ ගත්ත බට්ටො දාලා තර්ජනය කරන විට අප නිකන් ඉන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
රාජ්‍ය සේවය කප්පාදු කළාට දුම්රිය සේවකයන්ගේ විරෝධය දුම්රිය ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කර රාජ්‍ය සේවයේ කොටසකට පමණක් සේවයට පැමිණීමේ සහ පිටවීමේ සහනයක් ලබාදීමට විරෝධය දක්වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. 24 November 2022
කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි කරන්න කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද 24) පැවසීය. 24 November 2022
ගුරුවරුන් බඳවා ගන්නා අලුත් ක්‍රමවේදයක් මීට පස්සෙ පාසලේ පන්තියට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 November 2022
මුජුබුර්ගේ තුන් බිය කතාවට ජනපති උත්තරයක් දෙයි මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 November 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026