'පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක්'
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සරල ආහාර වේලක් ලබාදීමට බලාපොරොත්තු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද (2) ප්රකාශ කළේය.