(අංජුල මහික වීරරත්න)
එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකා ඩොලර් වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙි.
ශ්‍රී ලංකා රුපියල් වලින් වන්දි මුදල් හා ප්‍රතිපූර්ණ ලබාගැනීම අයහපත් පූර්වාදර්ශයක් විය හැකි බැවින් වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානිය ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතීපුර්ණ සහ වන්දි ඇමෙරිකානු ඩොලර් වලින් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මීට අමතරව ඉදිරියේ දි මෙවැනි අනතුරක් සිදුවුවහොත් එම අවස්ථා වලදී ද වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානි ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතිපූර්ණ සහ වන්දි ඇමෙරිකා ඩොලර් වලින් ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
අදාළ රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණ කොටසක් රුපියල්වලින් ලබාගැනීම මඟින් රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නැව අයිති රක්ෂණ සමාගමට හිමිවන බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
එබැවින් අදාළ වන්දි මුදල රුපියල් වලින් ලබාගැනීම වෙනුවට ඇමරිකානු ඩොලර්වලින් ලබාගැනීම සුදුසු බව සමුද්‍රීය පරිසර අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි ද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.