
(ඩයනා උදයංගනී)
සියලුම අමාත්‍යාංශවලට මෙවර අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් සියයට 5ක් කපාහැරීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත්, එම තත්වය මත මෙම පියවර ගැනීමට සිදුව ඇති බවත් ඇමතිවරයා කීය.
ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇතැයි ද කී අමාත්‍යවරයා ජනවාරි මස සමෘද්ධි දීමනාව ලබාදීම ද සතියක් හෝ දෙකක් වැනි කාලයක් ප්‍රමාද විය හැකි බව සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් තර්ජනයක් ! ගොනා හැරෙන්නෙ ඡන්දෙ කල් දාන්ඩ
තවත් ඔය කැබිනෙට්ටුව ලොකු කරමු නේද බීන් උන්නැහේ
රාජ්‍ය සේවයේ අවුරුදු තිහකට වඩා සේවයේ යෙදුණු මම ඔහොම තීරණ අනන්තවත් දැක්කා... හැමදාම කැපුවේ සියයට පහමයි. ඒත් කිසිදාක එයට වැඩිවුණේ නම් නැහැ ඇත්තටම පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කළොත් සියයට පනහකින් පමණ කපාහරින්න පුළුවන්... ඒත් නිලධාරින් වෙනුවෙන් සියයට තිස්පහක් අත් හැරියොත් ඒත් සියයට පහළොවක් ඉතිරි වෙනවා. ඒ සමග පළාත් පාලන නියෝජිතයින් භාගයක් අඩුකළොත් තවත් සියයට පහක් ඉතිරි කරන්න පුළුවන්.. එහෙම බැලුවොත් පහක් නොවෙයි විස්සක් ඉතිරි කරන්න පුළුවන්...!
ඇතිහැකි අයට දෙන දීමනා හෙවත් මැතිවරණ සපෝටර් දීමනා නැත්නම් සමුර්ධිමතුන්ට දෙන දීමනා නැවතීමට කටයුතු කලොත් අතපය හකුලාගෙන සිටින සියල්ලෝම කුමක් හෝ ආදායම් මාර්ගයක් සොයාගනීවි.එනිසා මැතිවරණ සපෝටර්ලාට රැකියා දීම වහාම නවතා සුදුස්සාට රැකියා ගැනීමට සලසන්න (පක්ෂ ලැයිස්තුවේ අයට සමත්වෙන්න නියෝගකිරීම නවතන්න ) පාසැල් හැරයන උසස් අධ්‍යාපනය නොලැබුණ පිරිසට විධිමත් රැකියා පුහුණුවක් දෙන්න නිෂ්පාදන ආර්ථිකයක් හදන්න හැම වෙලාවෙම නැතිවාදම කියන්න හොද නැහැ හරිම මූසලයි.
මුල්‍ය අර්බුදය හිතුවට වඩා දරුණුයි. මේ බව අපට හොඳ හැටි වැටහිලා ඉවරයි.