(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ප්‍රධාන පක්ෂ තුනට පමණක් රුපියල් බිලියන 72 ක අවම වියදමක් දරන්නට සිදුවන බැවින් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ කුස නිවන්නට පාවිච්චි කරන ලෙස නියම කරන්නැයි ඉල්ලා ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් රජයට ලිපියක් ඉදිරිපත් කර තිබේ.
ජනතාවගේ දුක ගැන කිඹුල් කඳුළු හෙලන දේශපාලන පක්ෂ සැබෑ ලෙසම ජනතාවට ආදරේ නම් එම මුදල් මේ මොහොතේ ජනතාවගේ බඩගින්න නිවන්නට පාවිච්චි කළ නොහැක්කේ මන්දැයි මොවුන් ප්‍රශ්න කර සිටියි.
දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට මෙම වියදම දරන්නට සිදු වනුයේ මැතිවරණය සඳහා රජයට දරන්නට සිදුවන වියදමට අමතරව බව ද අදාල විශ්ලේෂක කණ්ඩායම රජයට යොමු කළ ලිපියේ සඳහන් වේ.
ආර්ථික විශ්ලේෂක කණ්ඩායම සංඛ්‍යා දත්ත සහිතව කරුණු දක්වමින් සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේදී එක අපේක්ෂකයකුට අවම වශයෙන් රුපියල් ලක්ෂ තිහක් වියදම් වෙතියි උපකල්පනය කළහොත් එක දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයන් 8000 සඳහා බිලියන 24 ක් හෙවත් රුපියල් කෝටි 2400ක් වියදම් කිරීමට සිදුවන බවයි.
ඒ අනුව ප්‍රධාන පක්ෂ තුනේ අපේක්ෂකයන් මෙලෙස එක් පක්ෂයකින් බිලියන 24 බැගින් රුපියල් බිලියන 72ක් මැතිවරණය වෙනුවෙන් වියදම් කරන බව ආර්ථික විශ්ලේෂක වාර්තාවේ සඳහන් වේ. අත් පත්‍රිකා මුද්‍රණයේ සිට මුද්‍රණ කටයුතු ආදී අනෙකුත් වියදම් ගත් කළ එක් අපේක්ෂකයෙකුට මෙවැනි මුදලක් වැයවෙනු ඇතැයි ඔවුන් ගණන් බලා තිබේ.
මෙම මුදල සමෘද්ධිය ලබා දීමට රජයට වැයවන වියදමෙන් සියයට 50ක් පමණ බව පවසන ආර්ථික විශ්ලේෂක කණ්ඩායම රට දරුණු ආර්ථික අනතුරක පවතින මොහොතක ප්‍රමුඛතාවය හඳුනාගෙන වැඩ නොකලොත් රටේ සමස්ත ජනතාවට ම එහි වන්දිය ගෙවීමට සිදුවනු ඇතැයි සඳහන් කරයි.
රජයට කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමියන් පවසන්නේ ළමා මන්දපෝෂණය කුසගින්න දරිද්‍රතාවය සහ විරැකියාව වැඩිවෙමින් පවතින සමයක දේශපාලන පක්ෂ මෙන්ම රජය කළ යුත්තේ යම් කැපකිරීමක් කොට ආර්ථීකය නැමැති කෝච්චිය හරි පීල්ලට දමා ගැනීම බවයි. මේ මොහොතේ පටු දේශපාලන වාසි තකා කටයුතු කළහොත් මෙතෙක් පසුකර පැමිණි යුගයටත් වඩා අන්ත තත්ත්වයකට රට ඇද වැටීමට ඉඩ තිබෙන බව ද විමලරතන හිමියෝ සඳහන් කරති.
එමෙන්ම ජනතා නියෝජිතයන් යැයි කියන අය ඡන්දයක දී වියදම් කරන්නේ ජනතාවගෙන්ම වංචා කළ මුදල් යැයිද ඔවුන් එලෙස මුදල් වියදම් කරන්නේ වියදම් කලා මෙන් තවත් කිහිප ගුණයක් ජයගත් පසුව ඉපයීමේ අරමුණින් යැයිද විමලරතන හිමියෝ සඳහන් කරති.
එමෙන්ම ජයග්‍රහණය කරනවා යැයි සිතන පක්ෂයක් වටා ව්‍යාපාරිකයන්ද පෙළ ගැසෙන්නේ ජයගත් පසුව තවත් මල්ල තර කර ගැනීමට බව කී විමලරතන හිමියෝ මෙවැනි විකෘති තත්ත්වයන්ට මුහුණදීමට ලංකා ආර්ථිකය ශක්තිමත් නැති බව රජය අවබෝධ කර ගත යුතු යැයිද සදහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ආර්ථික විශ්ලේෂකයෝ කියාගන්නා නමක් නැති ගන්දබ්බයන්ගෙන් මම අහන්නේ. මෙච්චර කල් මැතිවරණයක් තිබ්බේ නැති වෙලාවේ ඒ සල්ලි වලින් ඔය කියන වැඩක් නොකලේ ඇයි? කරුණාකරලා මේවා කිව්ව අයගේ නම්ගම් සමග ලියන්න. රට ගැන පුදුම ආදරයක් නේ තිබෙන්නේ මුන්ට.
රටේ ආර්ථිකය මෙච්චර දුරට කඩා වැටන තුරු මෙම ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් කියන කන්ධායම කොහෙද හිටියේ? අද මේ ජනාධිපතිට අසීමිත සහ අනවශ්‍ය උපදේශකලා ඉන්නවා. එදා සිංගපුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් වගේ අද නොවෙයානු ජාතික එරික් සොල්හයිමුත් ජනාධිපති උපදේශකයක්. තවද අනවශ්‍ය රාජ්‍ය ඇමතිලා ඉන්නවා. මේවා පත් කරනවිට මේ කන්ධායමට තේරුනේ නැද්ද? මේ පත්වීම් හරහා අනවශ්‍ය වියදම් වෙන්න නැද්ද? එම අනවශ්‍ය වියදම ජනතාව වෙනුවෙන් වියදම් කරන්න බැරිද ? මෙම කන්ධායමේ උපදෙස් හරියට ජපානයෙන් රටට ලැබුණු සැහැල්ලු දුම්රිය සේවය කඩාකප්පල් කරන්න එදා ලලිතසිරි ගිනරුවන් දීපු ලණුවට සමානයි.
රටේ මෙච්චර හොරකම් කරද්දී මුන් ටිකට ඒවා විශ්ලේෂණය කරලා දුප්පත් මිනිස්සුන්ට දෙන්න කියන්න බැරි උනානේ.
ඉතින් හොඳයිනෙ. ඒ මුදල් බෙදිල යන්නේ රටේ මිනිස්සුන්ටනේ. ඒ සරල දෙයවත් තේරුම් ගන්න බැරි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයින් පිරිස කවුද ?
ආණ්ඩුවේ ම බළල් අත් වෙන මේ තක්කඩි ආර්ථික විශ්ලේෂකයින් නොකියන දෙයක් තමයි මේ වියදම් කරන මුදල් ලැබෙන්නේ මහා ජනතාවට බව , මොකද බොහෝ විට මේ ප්‍රධාන පක්ෂ මේ සඳහා වියදම් කරන්නේ සඟවාගෙන තිබු හෝ කළු සල්ලි නිසා . මෙය චන්දයට නොයෙක් ආකාරයෙන් ශ්‍රමයෙන් දායක වන විශාල පිරිසකටකත් . ඒ වගේම රජයටත් විශාල අලුත් අදායමක්.
ලංකාවේ ඉන්න ගොඩක්ම විශ්ලේකයින් දන්නේ කඩේ යන්න විතරයි. කාළකන්නි.
ස්වාධීන කිව්වට පොහොට්ටු බත් බැලයො.
ආර්ථිකවිද්‍යාව පිළිබඳ මහා ලොකු දැනුමක් ඇතැයි කියන මිනිස්සු කරුනු දෙකක් සිහියේ තබා ගත යුතුය. පලමු කරුන වන්නේ මෙම ජනාධිපතිට රට පාලනය කිරීමට ජන වරමක් නොමැති ඛවයි. එබැවින් මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය වෙයි. ඵසේම පොහොට්ටු පක්ෂයටත් කිසිදු මහජන ප්‍රසාදයක් නැත. ඵය සමස්ත ලෝක පුජාවම දනිති. මැතිවරණ යක් පැවැත්වීම අවශ්‍ය වන්නේ ඵ් නිසා ය. එසේම මැතිවරණයකට වියදම් වන්නේ රුපියල් බිලියන 8 ක් පමණි. ඵයද තවත් අඩු කල හැකිය. ඵම වියදම සමස්ත රජයේ වියදමින් සියයට එකකටත් වඩා අඩු අගයකි.
ස්වාදීන කියන්නේ පුතා සෙලවෙන මනස
කන්න නැතිව බලල්ලුන්ට හැටිට මහනවා. කාටද දැන් ඔය පලාත් පාලනය ඕන ? පාට මොකක් වුණත් කවුරුත් දත නියවන්නෙ බලේට ඇවිත් හොරාකන්න.
වෙනදා කොච්චර වියදම් කලත් ප්‍රශ්නයක් නැහැ මෙදා පාර මොකෝ මේ සේරම අකුරටම හොයන්නේ අපිට තේරෙනවා ඇයි කියලා... බඩුම නේද ? පුතානොට chance එක එනවා වගේ නම් ඕක කිසිම ප්‍රශ්නයක් නැතුව තියන්න අවශ්‍ය සියළුම පහසුකම් සපයල .. ඔහොම යං තව ටිකයි
මෙයායි මෙයාගේ සංවිධානයයි එකවර කොහෙන් මතු වුනාද ?