(ඩයනා උදයංගනී)
විදුලි ගාස්තු සංශෝධනය ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතත්, මහජන උපයෝගීතා කොමිසම මගින් යම් සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔවුන්ට පෙබරවාරි 15 වැනිදා දක්වා කාලය ලබා දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමට ඒ සඳහා සහනදායී නිර්දේශයන් ඉදිරිපත් කළ හැකි නම් ඒ සඳහා වෙනස්කම් කිරීමට යටත්ව ජනවාරි 1 වැනිදා සිට නව ගාස්තු වැඩිකිරීම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
කොමිසම මගින් ගාස්තු අඩුකිරීමක් ඉදිරිපත් කළොත් එකී සංශෝධන අනුව ඉදිරි මාසික විදුලි බිල්පත මගින් අවශ්‍ය ගැලපීම් සිදුකරන බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දීඅද අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුරින් ගොඩගත්තු මාළුවෝ වැඩියෙන් දඟලනවාලුනේද? කාගෙකාගෙත් කාලය ජනතාව තීරණය කරලා ඉවරයි.
ඇයි අර කාංචන ගොයියව දැන් හන්ගලා තියෙන්නෙ? එයා නාමල් කාරයට වඩා ප්‍රසිද් වෙයි කියල බයෙන් ද? මුන් අපෙ විදුලි බිල් වැඩි කරන්න කැසපොට ගහගෙන නටන්නෙ උන්ගෙ විදුලි බිල් හරියට ගෙවලද?