දැරියකට හදි කළ පුද්ගලයා අත්අඩංගුවට කලවාන දෙල්ගොඩ ප්‍රදේශයේ වයස අවුරුදු දහතුනක (13) ක පාසල් දැරියක් අපයෝජනය කළ පුද්ගලයකු අද (02) අත්අඩංගුවට ගත් බව කකලවාන පොලිසිය පැවසීය. 02 June 2022
නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයාට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට අද (02) නොතීසි නිකුත් කළේය. 02 June 2022
’රජයේ සේවකයන් වගා කළ යුතුයි’ රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා වගා කටයුතුවලට යොමුවී ජනතාව ඒ සඳහා දිරිමත් කිරීම ඉතාමත් කාලෝචිත බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. 02 June 2022
චීන පරිත්‍යාගයෙන් එන්නත් සිරින්ජර් තොගයක් ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගයක් ශ්‍රී ලංකාවට ප්රදානය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 02 June 2022
‘ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී දෙදින විවාදයක්’ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 7 සහ 8 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) තීරණය කළේය. 02 June 2022
හරීන්ගේ තනතුරට නලීන් බණ්ඩාර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත. 02 June 2022
‘විදේශ අරමුදල් ව්‍යාපෘති වෙලාවට ඉවර කරන්න’ විදේශ අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 02 June 2022
‘දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරී භාරයේ’ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 02 June 2022
ගෑස් ඉල්ලා මරදානේ විරෝධයක් ගෑස් ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල මරදාන පාර ආනන්ද විදුහල ඉදිරියෙන් අවහිර වේ. 02 June 2022
මහින්ද කහඳගමගේ අත්අඩංගුවට අරලියගම මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. 02 June 2022
හිටපු ඇමති පුතා බිරිය සමග පොලිසියට තගක් දමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙයි. 02 June 2022
පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. 02 June 2022
රුපියලේ අද අගය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (2) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 49කින් ඉහල ගියේය. 02 June 2022
උසස් පෙළ කල් යයි අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය. 02 June 2022
ත්‍රිරෝද රථ අනතුරින් මව දියණිය මරුට අනුරාධපුර කවරක්කුලමේදී ත්‍රිරෝද රථයක් බෝක්කුවකට පෙරළීමෙන් මව සහ දියණිය මරුමුවට පත්ව පියා සහ පුතා තුවාල ලබා ඇතැයි අනුරාධපුර කවරක්කුලම පොලිසිය කියයි. 02 June 2022
රක්ෂිතවල හැදෙන කොස් කඩාගන්න අවසර දෙන්න යයි වන රක්ෂිතවල හටගන්නා කොස් ඵලදාව නෙලා ගැනීමට වනාන්තරයට ඇතුළු වීම සඳහා මුදල් අය කිරීමකින් තොරව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක් අරඹන්නැයි කෘෂිකර්ම වන ජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. 02 June 2022
නිවස තුළ පිපිරීමකින් ව්‍යාපාරිකයා රෝහලට ඇල්පිටිය නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට අයත් බව කියන ඇල්පිටිය කැටපළ නාගහතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක අද පෙරවරුවේ සිදුවී ඇති පිපිරීමකින් එම ව්‍යාපාරිකයා තුවාල ලබා ඇති අතර එම නිවසටද දැඩි අලාභහානි සිදුවී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 02 June 2022
අන්තරේ උද්ඝෝෂණයක් වලක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මහජන පීඩා ඇතිවන ආකාරයෙන් අද (02) කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. 02 June 2022
පොලිස් රාජකාරියට බාධා කළ 2ක් අත්අඩංගුවට වරෙන්තුකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා මෙහෙයුමක නිරතවු කැකිරාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකට රාජකාරියට සාපරාධි ලෙස බලපෑම් සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කැකිරාව පොලිසිය කියයි. 02 June 2022
රාහුල්ට සෝනියාට චෝදනා 2015 දී විමර්ශන කටයුතු අවසන් කල නැෂනල් හෙරල්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) කොංග්රස් සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සහ ඇයගේ පුත්‍රයා වන කොංග්රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි මහත්මා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 02 June 2022
අපහාස නඩු තීන්දුවෙන් නළු ජොනී ඩෙප්ට වැඩි වාසි හොලිවුඩ් නළු නිළි අඹුසැමි යුවළක වන ජොනී ඩෙප් සහ ඇම්බර් හර්ඩ්, එකිනෙකාට අපහාස කර ගත් බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. 02 June 2022
‘මුල් මාස පහේදී පාස්පෝට් 288,645 නිකුත් කරලා‘ මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇතැයි ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය. 02 June 2022
හැටන්-ඩයගම මාර්ගයේ ගමනාගමනයට බාධා තේ කුඩු කිලෝ දස දහසක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් අනතුරට පත්විමෙන් හැටන් පොඩයිස් හරහා ඩයගම මාර්ගයේ රථ වාහන ගමනා ගමන කටයුතු අද (02) අලුයම සිට අඩාලවී ඇති බව ආගරපතන පොලිසිය පැවසිය. 02 June 2022
පළාත් රැසකට අදත් විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 June 2022
කැංගරුවෝ දිවයිනට ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණියහ . 02 June 2022
නාගොඩ රෝහලේ ඉහළමහලෙන් වැටි රෝගියෙක් මරුට නාගොඩ මහරෝහලේ ඉහළ මාහලින් රෝගියකු ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 02 June 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැඩ අරඹයි කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (1) පස්වරුවේ නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 June 2022
මත්පැන් මිලත් නගී වැට් බද්ද වැඩි කිරීමෙන් මත්පැන් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම නිසා නිෂ්පාදන සමාගම් මත්පැන් මිල ඉහළ දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. 01 June 2022
රටපුරා ප්රචණ්ඩ ක්‍රියා: විමර්ශනයට ජනපති කොමිසමක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් මංකොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය 01 June 2022
බම්බලපිටියේදී බ්රේක් නැතිව වාහන 13 ක් හප්පලා බම්බලපිටිය වජිර පාරෙදි මෝටර් රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා වාහන 13 ට ගැටී අනතුරක් සිදුව ඇති බව බම්බලපිටිය පොලීසිය කියයි . 01 June 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025