(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ පුරාණ ගල් කැටයම් සහිත සඳගල නැමැති පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහනුවර අරුප්පොල ප්‍රදේශයේ නිවසකට සහ වාහන අංගනයකට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කළ බව පොලිසිය කියයි .
මෙම පුරාවස්තු කොල්ලයේ පොලිස් විමර්ශන කටයුතු මහනුවර පොලිසිය මග හැරීම හේතුවෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් එහි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවරට පැමිණ එහි විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ .
කිලෝ දහසක් පමණ බරැති එම පුරාවස්තුව රැගෙන යාම සඳහා උපයෝගි කර ගත් භූම් ට්‍රක් රථය පැදවූ රියැදුරු සහ රියදුරු සහයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව අරුප්පොළ පිහිටි අදාල නිවසට සහ වාහන අංගනයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු යොදා තිබෙන අතර එම නිවසේ සහ වාහන අංගනයේ හිමිකරු මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ බවද පොලිසිය කියයි.
පුරාවස්තුව ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් භූම් ට්‍රක් රථය මෙම වාහන අංගනයේ ගාල් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරයි .
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරා ගත් සඳගල ගැන තොරතුරු රැසක් එළියට
ravin Monday, 09 January 2023 06:41 PM
" මහනුවර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු" ප්‍රභලයි කියන දේශපාලුවත් පට්ට හොරෙක් නේද?
lankaputha Monday, 09 January 2023 07:13 PM
බූම් ට්‍රක් රථය සතයක ප්‍රමාණයේ බැවින් එය වාහන නැවැත්වීමකදී සොයා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකිය.