(යොහාන් භාසුර)
නීතිවිරෝධීව පවත්වාගෙන ගිය විදේශ රැකියා එජන්සියක් වටලා එහි හිමිකරු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ඩුබායිහි රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයකුගෙන් රුපියල් 450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව නොදීම සම්බන්ධයෙන් එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම ක්‍රියාත්මක කළ බව කියන එම කාර්යංශය එම ස්ථානය වටලන අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි තරුණයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරි බව ද සඳහන් කළේය.
එම රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරි බවත් එම කාර්යංශය කියයි.
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රුපියල් 450,000ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙස ද නියෝග කර අධිකරණය සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කළ බව ද එම කාර්යංශය වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධී ඒජන්සියක හිමිකරු-කළමනාකරු මාට්ටු