පුටින්ට ජීවත් වෙන්න තියෙන්නේ වසර 3 යි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බි්රතාන්යයේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත් සේවය පවසයි. 01 June 2022
නිමල්ට - අමරවීරට විනය පියවර පක්ෂය දැනුවත් නොකර වර්තමාන ආණ්ඩුවේ ඇමති ධූරගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අරමිවීර යන මහත්වරුට එරෙහිව නිසි වෙලාවට පියවර ගන්නා බවත් පක්ෂයේ නීති දෙකක් තිබිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 June 2022
මලකඩයා මඟ හැලෙයි පානදුර දක්වා ධාවනය වූ කාර්යාල දුම්රිය පෙට්ටි රාගම දුම්රිය ස්ථානයෙ දමා ඇන්ජිම පමණක් ධාවනය වීම නිසා දුම්රිය මගීහු දැඩි අපසුතාවයට පත වූහ. 01 June 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1)ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 June 2022
මත්තල - රත්මලාන වැසෙයි ? දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වේ. 31 May 2022
‘‘නිසිකල නිසි පියවර නොගත් පී.බීට රජකාලේ දඬුවම් දිය යුතුයි‘‘ රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 31 May 2022
වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගෙන ඇත. 31 May 2022
විදුලි බිලට ගෑස් සිලින්ඩරයක් විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 May 2022
බද්ද වැඩිවෙන හැටි එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා වැඩි කිරීමට රජය යෝජනා කර තිබේ. 31 May 2022
ශවේන්ද්‍ර විකුම්ට යෂ්ඨිය බාර දෙයි ශ්‍රි ලංකා යුද හමුදාවේ 23 වැනි යුද හමුදාපතිවරයා හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමේ උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල යුද හමුදා මුලස්ථානයේ දී සිදුවිය. 31 May 2022
‘‘ආයතන ගොඩ ගත හැකි අය පත් කරනවා‘‘ රාජ්‍ය මාධ්‍ය ආයතන බදුමුදලින් නොයැපෙන තත්වයට පත් කළ හැකි කණ්ඩායමක් ඉදිරියේදී ඒවායේ ප්‍රධානීන් ලෙස පත්කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 31 May 2022
මහ වැසි හා සුළඟින් ගෝඨා ගෝ ගමටත් හානි කොළඹ නගරයට ඊයේ (30) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි ’ගෝඨා ගෝ ගම’ විරෝධතා භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයකට ද හානි සිදුවී තිබිණි. 31 May 2022
සත්තු වත්තටත් කන්න නෑ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට වත් මුදල් නැතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙි. 31 May 2022
පක්ෂ නායක රැස්වීමක් අනිද්දා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (2) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතය. 31 May 2022
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය. 31 May 2022
දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක් ගාලුමුවදොර අරගලයට එල්ල වු ප්‍රහාරයේ දී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් තමන් ඉටුකළ යුතු සියලු රාජකාරි හා වගකීම් නොපිරිහෙළා ඉටු කළ බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගේ නියෝග අනුව එදින කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 31 May 2022
අනිද්දා සිට පැය දෙකක් විදුලිය කපයි සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් රාත්‍රී කාලයේ අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව අනිද්දා (2) සිට නැවත ආරම්භ වේ. 31 May 2022
බදු පනත් 5ක් සංශෝධනයට පියවර රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම සඳහා බදු පනත් පහක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 31 May 2022
‘දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ලැබෙන්නෑ‘ ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉටු කරන තෙක් විදේශ ණය ආධාර සතයක්වත් මෙරටට නොලැබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද (31) පැවසීය. 31 May 2022
‘ගෑස් සිලින්ඩර 50,000 ක් හෙටත් සපයනවා‘ ලිට්රෝ සමාගම ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (1) දිනයේ ද බෙදාහරින බව එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 May 2022
ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට හෙට පත් කෙරේ. 31 May 2022
මේජර් ජෙනරාල් විකුම් ලියනගේ යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 31 May 2022
නව ඇමතිවරුන්ගේ කාර්යභාරය ගැසට් කෙරේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් සහ කාර්යභාරය ඇතුළත් ගැසට් පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) නිකුත් කරනු ලැබීය. 31 May 2022
ශෂි වීරවංශට ඇප ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය රුපියල් 50,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (31) නියෝග කළේය. 31 May 2022
‘මන්දපෝෂිත දරුවන් වැඩි වෙලා‘ ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 31 May 2022
රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය. 31 May 2022
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වෙළෙඳ ප්‍රජාවට පණිවුඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කළේය. 31 May 2022
‘21 ගේන්නේ දේශපාලනය ස්ථාවර කරන්න‘ ආර්ථික අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු නිසා 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 31 May 2022
සමගි වනිතා බලවේගයෙන් සජබ මහලේකම්ට ලිපියක් තීරණාත්මක මොහොතක පක්ෂය පාවා දී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් නැවත පක්ෂයට එක් කර නොගැනීමට සහ නැවත නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 31 May 2022
මහවැස්සෙන් සා.පෙළට බාධා කොළඹ ප්‍රදේශයට අද (31) පෙරවරුවේ ඇඳහැලුණු අධික වර්ෂාවෙන් බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ජලයෙන් යටවීමෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත විය. 31 May 2022
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025