(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඇපල් වර්ගයේ ජංගම දුරකථන සහ දුරකථන උපාංග ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්වංචා කළේ යැයි කියන ව්‍යාපාරිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා මොහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම පැමිණිල්ලට අමතරව මෙම සැකකරුට එරෙහිව කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින් ලක්ෂ ගණන් මුදල් වංචා කළේ යැයි කියන පැමිණිලි 500ක් පමණ කොල්ලුපිටිය පොලිසියට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු ග්‍රෑන්පාස් කිඹුලා ඇල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd