රට ගැන සිතා අවුරුද්දකට උද්ඝෝෂණ නවත්තන්න රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
පළපුරුදු - දක්ෂ වෘත්තිකයන් රට හැරයෑම අනාගතයට ගැටලුවක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් පළපුරුදු සහ දක්ෂ වෘත්තිකයන් විදේශ රැකියාවලට පිටත්ව යෑම (බුද්ධිගලනය) ඉහළ ගොස් ඇති බවත් මෙම තත්වය හේතුවෙන් අනාගතයේ රටේ ප්‍රධාන ආයතනවල පරිපාලනයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතනවල ප්‍රධානීහූ පවසති. 23 November 2022
අයවැයට පක්ෂ වූ ශ්‍රීලනිප ජාතික සංවිධායකට වැඩ වරදී අයවැයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 23 November 2022
පාර්ලිමේන්තුවෙන් පිට වැඩ කරන්නේ නැහැ පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට, මන්ත්‍රී ආසන ප්‍රමාණය අඩු කිරීමට සහ මැතිවරණ වියදම් අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තුවෙන් පිට කිසිවක් හිතුවක්කාරී ලෙස නොකරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
ගංජා වගාව නීතිගත කිරීම වළක්වන්න ගංජා වගාවට අවසර දුනහොත් එය මාරාන්තික කර්මාන්තයක් ලබන විශාල ජයග්‍රහණයක් වන නිසා අනාගත පරපුරේ යහපත උදෙසා එය වැලැක්වීමට නොපමාව ක්‍රියාත්මක වන ලෙස සියලුම මහනායක හිමියන්ගෙන් ඉල්ලමින් රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ ලිපියක් යොමුකර තිබේ. 23 November 2022
’‘අරගලවලට යළි ඉඩ නෑ’’ ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2022
හමුදාව සිටින දෙමළ වැසියන්ගේ ඉඩම් ඉල්ලා ඊළාම් රජය මානව කොමිසමට ශ්‍රී ලංකා හමුදාව අත්පත් කරගෙන සිටින උතුරේ දෙමළ සිවිල් වැසියන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට සහාය වන ලෙස අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය නම් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව නිව්ස් වයර්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 23 November 2022
සතුන්වත්තේ ජිරාෆ් මළේ පරමායුෂ විදලා දෙහිවල සත්වෝද්‍යානයේදී මිය ගියේ එහි සිටි වයසින් වැඩිම ජිරාෆ් සත්වයා බවත් වසර තිහක් පරමායුෂ විඳ එම සත්වයා මිය ගිය බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 23 November 2022
අයවැය ඡන්දයෙන් වැළකී සිටි හේතුව සුමන්තිරන් කියයි දෙමළ ජාතික සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට සිටි නමුත් ජනපති උතුර නැගෙනහිර ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා ආරාධනා කර තිබෙන හෙයින් අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තීරණයට එළඹි බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා (දෙ.ජා.සං) පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2022
දුම්රිය යකඩ ටොන් 7,000ක් කුණුකොල්ලයට දෙන්න යයි දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ මෙට්‍රික්ටොන් 7,000 ක පමණ ප්‍රමාණය අඩු ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට ලබාදීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු කරමින් සිටින බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරති. 23 November 2022
මැණික් ගැන විපක්ෂනායකගෙන් ප්‍රකාශයක් මැණික් අපනයනය සඳහා මාර්ගගත ක්‍රමයක් නැති කමින් මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම පතල් කර්මාන්තයේ නියැලෙන අයට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2022
කිරිඇල්ල රජ කතාවක් මතක් කරයි නරේන්ද්‍ර සිංහ රජතුමාත් එකල රටේ නීතියට අවනත වී වැලි ගෝනි 25ක් පිටේ තබාගෙන පත්තිනි දේවාලයට පැමිණි නමුත් වර්තමානයේ ජනාධිපති ධුරය රටේ නීතියට යටත් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 November 2022
ගල්වැව සිරිධම්ම හිමිට ඇප ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය. 23 November 2022
’’මන්නා කන්නාට’’ වෙඩි තැබීමේ සිද්ධියට 3ක් මාට්ටු ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 19 දින මන්නා කන්නා නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 23 November 2022
වැය ශීර්ෂ 25ක් අද විවාදයට විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය යටතේ අද වැය ශීර්ෂ 25ක් විවාදයට ගැනීමට නියමිත ය. 23 November 2022
වැසි දෙවියෝ නිවාඩු යති දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 November 2022
ලන්සාට පහර දෙන්න හැදුවාට චමින්ද මැතිසබෙන් ඉවතට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය. 23 November 2022
ඕමානයේ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් 77 ක් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ පාලනය වන සුරක්ෂා නිවාසයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 77 ක් මේ වන විට නේවාසිකව සිටින බවත් ඉන් කාන්තාවන් 12 ක් පමණක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 23 November 2022
ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනා නොගත් ලාදුරු රෝගීන් ගැවසෙන තත්ත්වයක් පවතින බැවින් ඔවුන් හදුනාගනිමින් ප්‍රතිකාර සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 23 November 2022
මව ඉසුරු සොයා යයි:පියා කසිප්පු සොයා යයි දියණියන් දෙදෙනකු රැක බලාගන්නා ලෙස පියාටභාර කොට මව ගෘහ සේවය සඳහා පිටරට යාමෙන් පසු වයස අවුරුදු දාහතරක් සහ වයස අවුරුදු 7ක දියණියන් දෙදෙනකු නිවසේ තනිව ජීවත්වන දුක්බර පුවතක් මැල්සිරිපුර ප්‍රදේශයේයෙන් අපට වාර්තා වේ. 23 November 2022
රත්නපුරේ දරුවන්ට තවත් කරදරයක් පාසලේ පන්ති කාමරවලට කඩා වදින රිලව් රංචු පාසල් දරුවන් හපා කන බවත් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දිවා ආහාර පාර්සල් අවුස්සා පොත් සහ බෑග් ඉරා දමන බව හම්බෙගමුව ප්‍රාථමික විද්‍යාලයේ මව්පියෝ පවසති. 23 November 2022
ගාල්ලේ රැඳවියෙක් පවුරෙන් පනී සිර දඩුවම් නියමව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාරයෙන් පලාගොස් ඇතැයි බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. 23 November 2022
වියලි ආහාර මල්ලකට බෑනාගෙන් නැන්දම්මාට පිහිපහර බෑණාගේ නමින් ඇති වියළි ආහාර ආධාර මල්ලක් ලබා ගැනීමට යාමේ දී ඇති වු ආරවුලක් මත බෑනා සිය බිරිඳට සහ නැන්දම්මාට එල්ල කළ පිහි පාරකින් නැන්දම්මා මියගොස් ඇතැයි තෙරිපැහැ පොලීසිය පවසයි. 23 November 2022
මෙරට හෙදියන් 4000සකට සිංගප්පූරු රැකියා වරම් ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ. 23 November 2022
වඳුරු උණට එරෙහිව සාර්ථක අත්හදා බැලීමක් වඳුරු උණ මර්දන එන්නතෙහි එක් මාත්‍රාවක් වෛරසයට එරෙහිව සියයට 78 ක ආරක්ෂාවක් සපයන බව එංගලන්තය ඉකුත් අඟහරුවාදා ප්‍රකාශයට පත් කළ විශ්ලේෂණ දත්ත වාර්තා පෙන්වා දෙයි. 23 November 2022
අනාගත සහකාරියගේ කනකර ඉස්සූ මනාලයා කොටුවු හැටි ලබන ජනවාරියේ දී විවාහ කරගැනීමට සිටි නියමිත තම අනාගත මනාලියගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ අටක් වටිනා රන් භාණ්ඩ සොරාගත් අයකු පොල්පිතිගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 23 November 2022
සිව් හැවිරිදි දරුවකුට පහරදුන් පාලිකාවට ඇප බම්බලපිටිය මල්ලිකා ළමා නිවාසයේ සිව් හැවිරිදි දරුවකුට කම්මුලට පහරදී හිංසා කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (22) නියෝග කළාය. 22 November 2022
ප්‍රමිතියක් නැති කන්ෙට්නර් ලක්ෂ 44 ක ටින්මාලු කාලා ශ්‍රී ලංකා ප්‍රමිත සහතික නොලත් (SLS) ආයතන 31කින් 2019 සිට 2021 ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන කෝටි 9.2ක් වැය කරමින් ආනයනය කළ ටින්මාලු බහාලුම් ලක්ෂ 44ක් කිසිදු නියැදි පරික්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවකින් අනාවරණය වේ. 22 November 2022
විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල ගැන පුදුමයක් නෑ විකෘති ආණ්ඩුවක අයවැය ප්‍රතිඵල පිලිබද පුදුමයට පත් විය යුතු නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පැවසීය. 22 November 2022
ලංකාවට ලැබුණ අලුත් නැව අධිකාරියට පත් කරයි ඇමෙරිකා එක්සත් ජනපද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබාදුන් P 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව “නාවික නෞකා විජයබාහු’’ නමින් අධිකාරියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී සිදු විය. 22 November 2022
පහ ශිෂ්‍යත්ව නැවත පරීක්ෂාව: අයදුම්පත් බාර ගැනීම අදින් ඇරඹේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් අද (07) සිට බාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය කීවාය... 07 September 2026