
(යොහාන් භාසුර)
සුදු සීනි යැයි රේගුවට ප්‍රකාශ කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ රතු සීනි මෙට්‍රික්ටොන් 600 ක් පෑලියගොඩ පිහිටි රේගුව ගබඩාවේදී අද (6) භාරයට ගැනීමට රේගු නිලධාරීහූ සමත් වූහ.
සුදු සීනි මෙටි්‍රක්ටොන් 1200 ක් ආනයන කරන්නේ යැයි රේගුව නොමඟ යවමින් මෙම රතු සීනි මෙට්‍රික්ටොන් 600 ආනයන කර ඇති බවත් රතු සීනි ආනයනය සීමාකර ඇති බවත් රේගුව වැඩි දුරටත් කීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම ගබඩාවේදී අද පස්වරුවේ එම සීනි තොගය පරීක්‍ෂා කළේය.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විනාශයට හොර කමට ඇබ්බැහි වූවන් අල්ලා වසර ගානට සිර දඞුවම් දෙන්නම ඕන. නැතිනම් කදාවත් මෙවැනි තුප්පහි ක්‍රියාවන් නතර නොවේ. බඩු මිල අහස උසට නැල ඡීවත් වෙන්න විදියක් නැහැ කියමින් හඞන්නෙත් මේ හොර තක්කඩීන්මයි. ඉතින් රට ගොඩ යයිද?
ටිකක් හොයල බලන්න අර ගෝටගෙ සීනි බදු වංචාවට හවුල් උන එක්කෙනාම වෙන්න පුලුවන්.
විපක්ෂේ එකක්ද ? කොමිසොන් නැද්ද ?
මහජනයා ගොනාට අන්දනවා කතාව...
සියට ලක්ෂ වාරයක් ෂුවර් හොඳට බලන්න මේ වංචාව කරපු අයට කවදාවත් දඬුවමක් නම් ලැබෙන්නේ නැහැ නැහැම තමයි. මේ වගේ අනන්තවත් වැරදි කොච්චර කළත් එක්තරා පැලැන්තියකට කවදාවත් දඬුවම් කියාලා දෙයක් නම් ලැබෙන්නේ නැහැ. ඔබ දන්නවනේ මේ කියන පැලැන්තිය කාගේ කවුද කියාලා. ඔය සමහරු තමයි දේසපාලුවන්ට චන්දෙ කරන්න සල්ලි පොම්ප කරන්නේ. දේසපාලුව දිනුවට පස්සේ මේ වංචනිකයෝ අති සුරක්ෂිතයි.
අනේ අපෝ බලන්නකෝ වංචාවේ තරම... ? මේක නිකන් අපේ නන්දසේන පොහොර ගේන්නේ නැතිව සල්ලි විතරක් ගෙවපුවා වගේ නේද?
C B මංකොල්ලය හැර ලංකාවේ වංචාවක් මම කවදාවත් දැකලා නැහැ