
(ප්‍රසාද් රුක්මල් )
මහියංගන ඓතිහාසික මාවරාගල ආරන්ය සේනාසනය බිද පෞරාණික වටිනාකමින් යුත් දුර්ලභ ගනයේ කුඩා බුදුපිළිම 6 ක් සොරාගෙන ඇතයි මහියංගන පොලිසිය පවසයි .
විහාරස්ථානයේ විහාරගෙය වසා තිබියදී දොරකඩා ඇතුලු වී ඇති සොරුන් මෙසේ විහාරගෙයි තිබු කුඩා බුදුපිළිම සොරාගෙන ගොස් ඇති බවට විහාරාධිපති හිමියන් පැමිණිළි කර තිබෙන බවද පොලිසිය කීය.
පෞරාණික වටිනාකමින් යුතු මිළ කළ නොහැකි දුර්ලභ ගනයේ මෙම බුදුපිළිම අගල් 6 ක් පමණ උස බවත් පොලිසිය සදහන් කලේය .
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේශ් සේනාරත්න , බදුල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහන සහකාර පොලිස් අධිකාරි 1 වේහිත දේශප්‍රිය, සහකාර පොලිස් අධිකාරි 11 කේ.එම්.ඒ.කේ.බංඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර හේරත් මහතා ඇතුලු නිළධාරිහු පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd