කොළඹ - මහනුවර ඒ 1  මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නඩත්තු කටයුතුවලින් පසුව අද පෙරවරුවේ  විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඉකුත්දා සිදුවූ තද වර්ෂාවත් සමග පහළට ආ අවදානම් කළුගල් කීපයක් ඉවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ රාත්‍රී 11 සිට අද උදෑසන 6 දක්වා  මාර්ගය වසා දැම්මේය.

නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු අද එම මාර්ගය යළි විවෘත කළේය.