
(අංජුල මහික වීරරත්න)
මෙරට මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පූර්ණ බලතල සහිත ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.
ඊට අදාළ සාකච්ඡාවක් ඉකුත් සතියේ අගහරුවාදා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්විණි.
මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායට ශක්තියක් වීම වෙනුවෙන් මෙම විශේෂ කාර්යාලය පිහිටුවීමට නියමිතය.
පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් විශේෂ පනතක් යටතේ මෙයට අදාල බලතල ලබාදීමට සැලසුම් කර තිබේ.
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට මෙන්ම රට අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් කොටු කිරීම ආදි කටයුතු වෙනුවෙන් වෙනම ආරක්ෂක කොට්ඨාශයක් ස්ථාපිත කිරීම ආදි කරුණු මුල් කර ගනිමින් මෙම කාර්යාලය පිහිටවනු ඇත.
මේ වන විට ඊට අදාල බලතල සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ මූලිකත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය මඩින්න අධි බල ලේකම් කාර්යාලයක්
මල්ලි Saturday, 07 January 2023 05:24 AM
මොනවද මේ 134 නායකයගේ ගොන් ටෝක්ස්; දැන් ඕකට පත්කරන එවුන්ට වාහන පඩි නඩි, ඔහේගෙ සාක්කුවෙන්දදෙන්නෙ. හලෝ අර අනුර කොල්ල කියන විදියට ගුවන් තොටුපලෙයි, මුහුද වටෙයි රැකවල් තර කරනව , දේශ පාලුවො තමයි ඔය හැම දෙයක්ම ඉස්සරහ ඉන්නෙ.උන්ගෙ සල්ලි තමයි චන්දෙදි ඔහේලට වියදම් කරන්නෙ. ඉතින් හලෝ කොහොමද මේ රට දියුනු වන්නෙ.
Kumara Saturday, 07 January 2023 06:01 AM
අල්ලයි අල්ලයි තියෙන පඩංගු කලිසම්වලට වැටෙන්ඩ නොදී තියාගන්නද කාර්යාල තියා ගන්නේ.
කිරිපුතා Saturday, 07 January 2023 06:59 AM
ඔක්කොම කරලා ඒක දේශපාලනය කරන අයගෙ අනසකට යටත්වුණාම පුස්ස බින්ඳා වගේ තමයි.
AB Saturday, 07 January 2023 08:00 AM
රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට සහ කොටු කිරීම සදහා ඉන්දියාව සමග එක්ව ය රට තුලට පැමිණීම නවත්වා ගැනීම සදහා satellite technology යොදා ගැනීම පිලිබදව සොයාබැලීමක් කල යුතුවේ.
menaka Saturday, 07 January 2023 08:51 AM
පළමුව ලන්සා ඔබගේ කාර්යාලයට එන එක නවත්වන්න
mahinda Saturday, 07 January 2023 02:39 PM
ඕකේ සභාපති හැටියට කන්ජිපාණි ඉමරාන් පත්කරමු.
ganegoda Saturday, 07 January 2023 03:10 PM
ලෝකයේ හුඟක් රටවලට තරුණ තරුණියෝ හෙරොයින් ගහලා මං මාවත්වල වැටිලා මරණයට පත්වෙනවා. සමහර රටවල්වල ලංකාවේ මනුස්සයින්ව ඒ නිසා පිළිකුල් කරනවා. මේ හෙරොයින් ඒ රටවල් වලට අරගෙන යන්නේ අපේ විදේශ සංචාරකයෝ. ඒත් විදේශිකයෝ දොස් කියන්නේ අපේ මුළු රටටම.