(ලක්ෂ්මී ජයකොඩි)
දෙමළ ජාතික සන්ධානය එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ පසුගිය මැතිවරණවලදිත් දෙමළ ජාතික සන්ධානයේ සියලුම සාමාජික පක්ෂ එම පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිවස ලාංඡනයෙන් මැතිවරණවලට ඉදිරිපත් වු බවත් එයාකාරයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයටත් තරඟ කරන බවත්ය.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට මඩකළපුව කලවංචිකුඩියේදි රැස්වීමට නියමිතය.
ශ්‍රීධරන් මහතා පැවසුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.
දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ පක්ෂ වලින් සමන්විතය.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ ජාතික සන්ධානය නිවස හදයි