IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඖෂධ ගනිද්දී කෝටි 56 ක් පිනට දීලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

වෛද්‍ය සැපයුම් අංශයේ  ප්‍රමාදයක් හේතුවෙන්  ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් 98 ක්  දේශීය වෙළෙඳපොළෙන්  මිලදී ගැනීමට සිදුවීම නිසා රුපියල් කෝටි 56 ක අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙම වෛද්‍ය සැපයුම් දේශීය වෙළෙඳපොළෙන් මිලදීගැනීමට සිදුවී ඇත්තේ සැපයුම්කරුවන්ට 2016 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල පරිච්ඡේදයේදී නිකුත් කෙරුණු ඇනවුම්  ප්‍රමාදවීම හේතුවෙන් බවද එහි දැක්වෙයි.

මින් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කරගෙන ගිණුම් ගත කර තිබුණු නමුත් කෝටි හතළිස් හයක මුදලක්  අයකර ගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ඖෂධ සැපයුම්කරුවන්ගෙන් මිලට ගත් ඖෂධ කල් ඉකුත්වීම  සහ හානිවීම නිසා රජයේ ඖෂධ නීතිගත සංස්ථාවට 2020 සහ 2019 වර්ෂවල රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයිද  එම වාර්තාවේ සඳහන් වේ.

තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ හා හානි වූ ඖෂධවල මුළු වටිනාකම (2020 වනවිට) කෝටි දහයකට වැඩිය.මෙම මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් 2021 වර්ෂය නොවැම්බර්  2 වැනිදා වනවිටත් අය කරගෙන නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.



අදහස් (1)

ඖෂධ ගනිද්දී කෝටි 56 ක් පිනට දීලා

සක්‍රයා Saturday, 07 January 2023 12:25 PM

නුඹලාට මේ ආත්මයේම මේ කරන සක්කිලි වැඩවලට පව් ගෙවන්නට ලැබේවා! මඳක් සිතන්න. අතර මැදියන්ට සල්ලි දුන්නා වෙනුවට ළමා වාට්ටුවක දුක්විඳින දරුවන්ට බෙහෙත් සහ පිටරට යවා හෝ සැත්කම් කර සුව කරන්නට තිබුණා නොවේද..?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 962 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site