
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළු වී දේපල සොරා ගත් මාලිගාවත්තේ "බොම්බ රිශාක්" සහ එම දේපල සහ තවත් සොර බඩු මිලදී ගත්" උක්කුවා" නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපල සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය.
ඊට අමතරව සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා අත් ඔරලෝසුව හතරක් , කාන්තා රන් මුදු දෙකක් , ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් , අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් විදේශීය මුදල් තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගනු ලැබීය.
මීට දින කිහිපයකට ඉහතදී කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට අලුයම් කාලයේ දී දොර කඩා ඇතුළු වී තිබූ බෝම්බ රිශාක් නමැති සැකකරු එම නිවසේ කාමරයක අල්මාරියේ දමා තිබූ රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා අත් ඔරලෝසු 4 ඇතුළු රුපියල් ලක්ෂ 25 ක පමණ දේපොළ සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරු අනුව මාලිගාවත්ත ආර්. ජි වත්ත ප්‍රදේශයේ දී බෝම්බ රිශාක් නැමැත්තා අත්අඩංගුවට ගෙන සිදු කළ සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් සොර බඩු මිලදී ගත් උක්කුවා නමැත්තාගේ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස වටලා එම සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපල වලට අමතරව රුපියල් ලක්ෂ 20ක පමණ තවත් දේපල තිබී සොයාගත් බව පොලීසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බම්බලපිටියේ කොල්ලකරු බඩුත් එක්ක මාට්ටු